වැදගත් සිදුවීම්
ඉන්දියාවේදී නිෂ්පාදිත දෙවන අධි තාක්ෂණික නෞකාව දියත් කිරීම හිටපු නාවික හමුදා කපිතාන් වරයෙකුගේ දියණිය අතින් සිදු කෙරේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේදී නිෂ්පාදනය කරනු ලබන ගැඹුරු මුහුදු ප්‍රදේශ නිරීක්ෂණය කිරීමේ අධි තාක්ෂණික නෞකාවන්ගේ දෙවන නෞකාව දිය මතට දියත් කිරීම ඉන්දීයානු ශ්‍රී ලංකා මහකොමසාරිස්, අතිගරු චිත්‍රාංගනී වාශීෂ්වර මහත්මිය අතින් අද (15) ඉන්දියාවේ ගෝව නැව් තඨාකාංගණයේදී ඉතා උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
15 Dec 2016
නාවික හමුදාව අසාධ්‍ය ධීවරයෙකු සහ දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 4 දෙනෙකු බේරා ගැනේ

අම්බලන්ගොඩ ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “ජීවන්ත පුතා” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු අසාධ්‍ය රෝගාබාධයක් හේතුවෙන් ඊයේ (14) සවස කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව සමත් විය.
15 Dec 2016
ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රායෝගික වෙඩි තැබිමේ සංචිතය ආසියානු පැසිෆික් හැන්ඩ්ගන් තරඟාවලියේදි විශිෂ්ඨ දක්ෂතා ප්‍රදර්ශනය කරයිේ

ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ වෙඩිතැබ්මේ ශූරයින් ලෙස කිරුළු පැලැදි ශ්‍රී ලංකා නාවික හමුදා වෙඩි තැබිමේ සංචිතය 2016 දෙසැම්බර් මස 7 සිට 11 දක්වා තායිලන්තයේ පට්තායා හි පවත් වන ලද ආසියානු පැසිෆික් හැන්ඩ්ගන් තරඟාවලියට සහභාගි වන ලදි.
15 Dec 2016
සීනිගම ශ්‍රී ජිනරතන වෘත්තීය හා තෘතීය පුහුණු මධ්‍යස්ථානය අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කෙරේ

කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති අතිපුජ්‍ය ආචාර්ය ගලබොඩ ඥාණිස්සර හිමියන්ගේ උදාරතර සංකල්පයට අනුව දෙස් විදෙස් ධන පරිත්‍යාගශිලීන්ගේ ආධාරයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ නායකත්වයෙන්, නාවික හමුදා ශ්‍රමදායකත්වයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද ගොඩනැගිලි සහ නාවික තාක්ෂණික ඥානයෙන් සන්නද්ධ වු ශ්‍රී ජිනරතන වෘත්තීය හා තෘතීය පුහුණු මධ්‍යස්ථානය අද (14) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් අතින් උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.
14 Dec 2016
‘ග්ලෝවිස් ෆීනික්ස්’ නෞකාව හම්බන්තොට වරායෙන් දකුණු අප්‍රිකාව බලා පිටත් වේ

දකුණු කොරියානු වාහන ප්‍රවාහන නෞකාවක් වන ‘ග්ලෝවිස් ෆීනික්ස්’ නෞකාව මෝටර් රථ හා ජීප් රථ 1,086 පැය 24 ක් ඇතුලත පැටවීමෙන් පසු ඊලග නැවතුම් වරාය වන දකුණු අප්‍රිකාවේ ඩර්බන් වරාය වෙත අද (14) පිටත්ව යන ලදි.
14 Dec 2016
නාවික හමුදා 66 වන සංවත්සරයට සමගාමීව වෛද්‍ය සායනයක් පැවැත් වේ

නාවික හමුදා 66 වන සංවත්සරයට සමගාමීව උතුරු මැද නාවික රෝහල සහ කිලිනොච්චිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යමණ්ඩලය එක්ව සිදු කළ වෛද්‍ය සායනයක් කිලිනොච්චිය මුලංකාවිල් ප්‍රාථමික විද්‍යාලයේ දී පසු ගිය (10) ඉතා සාර්ථකව නිමා විය.
14 Dec 2016
නාවික හමුදාව විසින් හම්බන්තොට වරායෙන් වාහන 1,086 නැව්ගත කිරීමට සහය ලබා දෙයි

පසු ගිය දෙසැම්බර් (7) දින හම්බන්තොට වරාය සේවකයින් විසින් දියත් කරන ලද විරෝධතා ව්‍යාපාරයට අද වන විට දින 7 ක් සම්පුර්ණ වේ.
13 Dec 2016
උතුරු නාවික විධානය ලේ දන්දීමේ කඳවුරක් සංවිධානය කෙරේ

උතුරු විධාන නාවික රෝහල සහ යාපනය මහ රෝහලේ රුධිර බැංකුව එක්ව සංවිධානය කරන ලද ලේ දන්දීමේ විශේෂ කඳවුරක් පෙරේදා (10) පවත්වන ලදි.
12 Dec 2016
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 29 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අයත්, සිලාවතුරෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (10) සිලාවතුර මුහුදු ප්‍රදේශයේදී තහනම් ධීවර ආම්පන්න යොදා ගෙන නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 29 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
11 Dec 2016
නාවික හමුදාව විසින් හම්බන්තොට වරායේ හටගත් හදිසි තත්ත්වය පාලනය කෙරේ

වරාය සේවකයින් විසින් අද (10) හම්බන්තොට වරාය පරිශ්‍රයේ සිදු කල විරෝධතා ව්‍යාපාරය ඉතා කඩිනමින් ව්‍යාර්ථ කිරීමට නාවික හමුදාව සමත් වන ලදි.
11 Dec 2016