වැදගත් සිදුවීම්
නාවික හමුදාධිපතිතුමන් ‘ඉන්දු ශ්‍රී ලංකා ආරක්‍ෂක සහයෝගීතා කථිකාවට’ සහභාගී වෙයි

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආරක්‍ෂක සහයෝගිතාවය සමාලෝචනය කිරීම සඳහා වාර්ෂිකව පවත් වනු ලබන ‘ඉන්දු ශ්‍රී ලංකා ආරක්‍ෂක සහයෝගීතා කථිකාව’ සිව්වන වරටත් ඊයේ (3) කොළඹදී පවත් වන ලදී.
04 Nov 2016
නීති විරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනේ

බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ කිරින්ද වෙරළාරක්‍ෂක ස්ථානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (2) බූන්දල වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස බිත්තර සහිත පොකිරිස්සන් 62 ක් ඇල්ලූ පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
03 Nov 2016
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 7 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත් වාකරෙයි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පෙරේදා (31) පණ්ඩතිව්මුනෙයි මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
02 Nov 2016
“සෙඩ්රික්” යාත්‍රාවක් නාවික කෞතුකාගාරයේ තැන්පත් කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු “සෙඩ්රික්” (Cedric) යාත්‍රාවක් ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේ පිහිටි නාවික කෞතුකාගාරයේ තැන්පත් කර එය නිල වශයෙන් විවෘත කිරීම ඊයේ (31) උදෑසන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ගරු රුවන් විජේවර්ධන මැතිතුමා අතින් සිදු කෙරිණි.
01 Nov 2016
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

ඩෙල්ෆ් දූපතට නිරිත දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (1) උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී.
01 Nov 2016
නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයින් විසින් දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 2 දෙනෙකු බේරා ගැනේ

ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නාවිකයින් විසින් ඊයේ (31) ගොපාල්පුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 2 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් විය.
01 Nov 2016
කේරළ ගංජා කිලෝග්‍රෑම් 80 ක් සමග පුද්ගලයන් සිවි දෙනෙක් අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත්, පි 424 යත්‍රාවට අනුයුක්ත නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් විසින් කච්චතිව් දුපතට උතුරින් වු මුහුදෙදී සැක කටයුතු යාත්‍රාවක් පරික්ෂා කිරීමේදී මෙරටට රැගෙන එමින් තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 80 ක් පමණ සමග පුද්ගලන් සිව් දෙනෙකු ඊයේ (31) අත්අඩංගුවට ගන්නා ලදී.
01 Nov 2016
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් විසිඅට දෙනෙකු අධිකාරියට පත් කෙරේ

54 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් 28 දෙනෙකු සිය මූලික පුහුණුව අවසන් කිරීමෙන් පසු අද (30) ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේ පැවැත්වූ ඉතා විචිත්‍රවත් අධිකාරියට පත් කිරීමේ උළෙලකින් පසු විසිර යන ලදි.
31 Oct 2016
“දෝස්ති XIII” වෙරළාරක්ෂක බලකා අභ්‍යාසයට එක්වූ ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ කොළඹ වරායට පැමිණේ

පුහුණු සංචාරයක් සඳහා පසුගිය 23 වන දින මාලදිවයිනේ මාලේ වරාය වෙත පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව සාර්ථකව සිය සංචාරය නිමා කරමින් අද (30) කොළඹ වරායට ළගා විය.
30 Oct 2016
ඉන්දීය සංචාරය නිමා කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා සයුර සහ සුරනිමිල නෞකාවන් කොළඹ වරායට පැමිණෙයි

පුහුණු සහ සුහද සංචාරයක් සඳහා පසුගිය 24 වන දින ඉන්දියාවේ කොචින් වරාය වෙත පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික නෞකා සයුර සහ සුරනිමිල යන නෞකාවන් සාර්ථක සංචාරය නිමා කරමින් අද (29) කොළඹ වරායට ළගා විය.
29 Oct 2016