වැදගත් සිදුවීම්
ජපන් වෙරළාරක්ෂක නිලධාරීන් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ රැස්වීමක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි, ජාත්‍යන්තර සමුද්‍රීක දූෂණය වැළැක්වීමේ අධ්‍යක්ෂ රයිජී හයියාෂි මහතා ඇතුළු ජපන් වෙරළාරක්ෂක නිලධාරීන් පිරිසක් අද (2) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය.
02 Mar 2017
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් නෞකාවකට සහ යාත්‍රාවකට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (1) ඩෙල්ෆ් දූපතට දකුණින් සහ වෙත්තලකේනි ප්‍රදේශයට නැගෙනහිරින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයන්හිදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
02 Mar 2017
කේරළ ගංජා කිලෝග්‍රෑම් 4 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද බුද්ධි තොරතුරකට අනුව මීගමුව පොලීසිය හා එක්ව ඊයේ (1) මීගමුව පරගමදේශයේ සිදු කළ වැටලීමක දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4ක් සමග පුද්ගලයෙකුඅත්අඩංගුවට ගන්නා ලදි.
02 Mar 2017
ප්‍රථම නාවික හමුදා මැරීන් බලඝණයේ පුහුණුව ලැබූ නාවික පුද්ගලයන් 164 දෙනෙකු විසිර යති

වත්මන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයක් මත ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදාවේ පළමු මැරීන් බලඝණයට අනුයුක්තව පුහුණුව ලැබූ නිලධාරීන් 6 දෙනෙකු සහ නාවිකයන් 158 දෙනෙකු සිය පුහුණුව නිමකොට අද (27) විසිර යන ලදී.
27 Feb 2017
ශාන්තිකර කලාපයේ මැරීන් බලකා නියෝජ්‍ය ආඥාපති නාවික හමුදාධිපතිතුමා හමුවෙයි

ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර කලාපයේ මැරීන් බලකා නියෝජ්‍ය ආඥාපති, බ්‍රිගේඩීයර් ජෙනරාල් බ්‍රයන් කැවනෝග් මහතා අද (28) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
27 Feb 2017
නාවික හමුදාව දියේ ගිලෙමින් සිටි දරුවෙකු බේරා ගනී

නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලිහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජීවීතාරක්ෂක කණ්ඩායමට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (27) ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේදී දියේ ගිලෙමින් සිටි දරුවෙකු බේරා ගැනීමට සමත් වී ඇත.
27 Feb 2017
හෙරොයින් ග්‍රෑම් 4.42 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අයත් මන්නාරමෙහි පිහිටි, ශ්‍රී ලංනානෞ ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසකට ලද බුද්ධි තොරතුරකට අනුව මන්නාරම පොලීසිය සමග එක්ව කළ වැටලීමකදී ඊයේ (25) හෙරොයින් ග්‍රෑම් 4.42 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදි.
26 Feb 2017
තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ජනතා අයිතියට පත් කෙරේ

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කර පිරිසිදු පානීය ජලය ජනතාවට ලබා දීම එහි තවත් එක් ව්‍යාපෘතියක් වේ. ඒ අනුව, මැදිරිගිරිය කුසුම් පොකුණ පුෂ්පාරාම විහාරය, දියසෙන්පුර බෝධිරුක්ඛාරාම විහාරස්ථානය සහ අභයපුරගම අභයවර්ධනාරාම විහාරස්ථානවල ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ සුරතින් අද (25) ජනතා අයිතියට පත් කෙරිණි.
25 Feb 2017
කේරළ ගංජා කිලෝග්‍රෑම් 3.4 ක් සමග පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට

ලද බුද්ධි තොරතුරකට අනුව නාවික හමුදා බුද්ධි අංශය සහ පොලීසිය ඊයේ (24) කළ වැටලීමක දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 3. 4 ක් සමග පුද්ගලයන් සිව් දෙනෙකු මට්ටක්කුලිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගන්නා ලදි.
25 Feb 2017
නාවික හමුදාව සහ පොලීසිය එක්ව කළ වැටලීමකදී නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ සැකකරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මුහුදු මගින් සංක්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 18 දෙනෙකු නාවික හමුදා බුද්ධි අංශය සහ පොලීසිය එක්ව කළ වැටළිමකදි ඊයේ (23) අත්අඩංගුවට ගන්නා ලදී.
24 Feb 2017