වැදගත් සිදුවීම්

කැස්බෑ මස් සහ බිත්තර තොගයක් සමග පුද්ගලයන් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් මණ්ඩතිව් පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (5) පල්ලීකුඩා ප්‍රදේශයේදී කැස්බෑ මස් සහ බිත්තර තොගයක් සමග පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

06 Feb 2017

ක්‍රීඩා හා ශරිර සුවතා ප්‍රවර්ධන ජාතික සතියට සමගාමිව නාවික හමුදාවේ විශේෂ ශරිර සුවතා වැඩසටහන්
 

අදින් (6) ඇරඹෙන ක්‍රීඩා හා ශරිර සුවතා ප්‍රවර්ධන සතියට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ විශේෂ ශරිර සුවතා වැඩසටහනක්, කොළඹ වරාය පරිශ්‍රයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත් වන ලදී.

06 Feb 2017

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරනු ලබන අතර,ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කර පිරිසිදු පානීය ජලය ජනතාවට ලබා දීම එහි තවත් එක් ව්‍යාපෘතියක් වේ.

05 Feb 2017

නාවික හමුදාව ජාතික නිදහස් දිනය වෙනුවෙන් වෙඩිමුර උත්තමාචාර 25ක් පවත්වා ජාතිය වෙත උපහාර දක්වයි
 

ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන වෙඩිමුර උත්තමාචාරය මෙවරත් නාවික හමුදා මූලස්ථානය ඉදිරිපිට පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී පෙබරවාරි මස 04 වන දින 1200 පැයට අභිමානවත් ලෙස සිදු කෙරිණි.

04 Feb 2017

69 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය
 

කොළඹ ගාලු මුවදොර පිටියේ අද (4) උදෑසන අති උත්කර්ශවත් අයුරින් පැවැති 69 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් සුවිශේෂී දායකත්වයක් සැපයිණි.

04 Feb 2017

ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නාවික අභ්‍යාසයක් සඳහා පකිස්ථානය බලා පිටත්ව යයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු ප්‍රදේශ නීරීක්ෂණය කරන නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර, ඊයේ (3) සවස පකිස්ථා‍නයේ පැවැත්වෙන අමාන් අභ්‍යාසය සඳහා සහභාගී වීමට කොළඹ වරායෙන් පකිස්ථානය බලා පිටත්ව යන ලදී.

04 Feb 2017

කොළඹ ජාතික රෝහලේ වකුගඩු රෝග ශල්‍ය ඒකකය වෙත නාවික හමුදාව විසින් අති පවිත්‍ර ජල පිරිපහදු යන්ත්‍රයක් ස්ථාපිත කෙරේ

"සැමට සුවසෙත" සැලසෙන නිරෝගී ජන සමාජයක් බිහිකිරීමේ අරමුණින් ක්‍රියාත්මක ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රජා සත්කාරක වැඩසටහනේ තවත් පියවරක් අද (3) නිමාවට පත් විය.

03 Feb 2017

බංගලාදේශ වෙරළාරක්ෂක බළකායට අයත් “තාජුඩීන් ”නෞකාව ත්‍රිකුණාමලය වරායට
 

බංගලාදේශ වෙරළාරක්ෂක බළකායට අයත්“තාජුඩීන්”නැමතිනෞකාව අද (3)ත්‍රිකුණාමලය වරායට සේන්දු විය.

03 Feb 2017

ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 4 දෙනෙකු බේරා ගැනේ
 

ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නාවිකයින් විසින් ඊයේ (2) ගොපාල්පුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 4 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් විය.

03 Feb 2017

නාවික හමුදාධිපතිතුමන් ඉන්දියාවේ කොචින්හි පිහිටි දකුණු නාවික විධානයේ සංචාරයක නිරත වේ
 

සිය පස් දින නිළ සංචාරය නිමා කරමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (2) කොචින්හි පිහිටි දකුණු නාවික විධානයේ නිළ සංචාරයක නිරත වන ලදි.

02 Feb 2017