වැදගත් සිදුවීම්
ප්‍රථම ජංගම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය ජනතාවට ප්‍රදානය කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම ජංගම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය හම්බේගමුව ප්‍රදේශයේ වෙසෙන පවුල් 3000 ක පමණ ජනතාවගේ පානීය ජල අවශ්‍යතා වෙනුවෙන් ඊයේ (16) යොදවන ලදී.
18 Aug 2016
බංගලාදේශ ජාතික ආරක්ෂක විද්‍යාලයේ දූත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

මේජර් ජෙනරාල් හමිදූර් රහමන් චොව්දූරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් බංගලාදේශ, ජාතික ආරක්ෂක විද්‍යාලයේ නිලධාරීන් පිරිසක් අද (16) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
17 Aug 2016
ගිලෙමින් තිබූ ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් 3 දෙනෙකු ගේ දිවි බේරා ගැනේ

ගිණිකොන නාවික විධානයට අයත්, පානම හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (15) ඔකඳ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේදී යාත්‍රාවේ බද ප්‍රදේශය කැඩීයාම හේතුවෙන් ගිලෙමින් තිබූ “නලීෂ පුතා 4” නමැති ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් 3 දෙනෙකු බේරා ගැනීමට සමත් විය.
16 Aug 2016
ආරක්ෂක සේවා හොකී තරඟාවලියේ සමස්ථ ජය නාවික හමුදාවට

9 වන වරටත් පවත්වනු ලැබූ ආරක්ෂක සේවා හොකී තරඟාවලිය පසුගිය 9 වන දින සිට 12 වන දින දක්වා කොළඹ, ක්‍රීඩා අමාත්‍යංශ හොකී ක්‍රීඩා පිටියේදී පැවැත්වූ අතර, එහිදී ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා නාවික හමුදා පිරිමි හා කාන්තා හොකී කණ්ඩායම් ද්විත්වයම ශූරයන් බවට පත් විය.
16 Aug 2016
නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ කළ ලාංකිකයින් 18 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මුහුදු මගින් ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 18 දෙනෙකු ඊයේ (15) උදෑසන මඩකලපුවේ සිට නාවික සැතපුම් 40 ක් පමණ නැගෙනහිරින් වූ මුහුදු ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
16 Aug 2016
ප්‍රංශ නාවික හමුදාවේ “රෙවි” යුද නෞකාව ත්‍රිකුණාමලයට පැමිණෙයි

ප්‍රංශ නාවික හමුදාවට අයත් “රෙවි” යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අද (15) උදෑසන ත්‍රිකුණාමලය වරායට සේන්දු විය.
15 Aug 2016
කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.7 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

බටහිර නාවික විධානයට අයත් පමුණුගම හි පිහිටි, ශ්‍රීලංනානෞ කැළණි ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (12) වත්තල ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.7 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
13 Aug 2016
නාවික හමුදාව විසින් හම්බේගමුව ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ

නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතීන අතර, එහි තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් හම්බේගමුව ජනතානගේ ප්‍රයෝජනය සඳහා හම්බේගමුව පුරාණ රජමහා විහාරස්ථානයේ ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය (RO Plant) ඊයේ (12) වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ ව්‍යාපෘති අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල මහතාගේ සුරතින් විවෘත කරන ලදී.
13 Aug 2016
අන්තර් නෞකා හා යාත්‍රා කඹ හා ගැට තරඟාවලිය 2016

නාවික හමුදා දියත් විධානය මගින් සංවිධානය කරන ලද 2016 අන්තර් නෞකා හා යාත්‍රා කඹ හා ගැට තරඟාවලිය අගොස්තු මස 12 වන දින ත්‍රිකුණාමළය නාවික හා සාගරික විද්‍යාපීඨ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
13 Aug 2016
කථික තරඟාවලියේ ජයග්‍රාහකයන්ට නාවික හමුදාධිපතිතුමන් විසින් ත්‍යාග ප්‍රදානය කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සංවිධානය කළ නාවික හමුදා ප්‍රථම කථික තරඟාවලිය ඊයේ (12) නාවික හමුදා මූලස්ථාන අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
13 Aug 2016