වැදගත් සිදුවීම්
දේශමාන්‍ය, ජෙනරාල් ඩෙනිස් පෙරේරා ගුණානුස්මරණ දේශනයට නාවික හමුදාධිපති සහභාගී වෙයි

ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේදී ඊයේ (11) පැවැති දේශමාන්‍ය, ජෙනරාල් ඩෙනිස් පෙරේරා මහතාගේ 4 වන ගුණානුස්මරණ දේශනයට සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහ එම මහත්මිය සහභාගී විය.
12 Aug 2016
කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.5 ක් සමග පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අයත් පුත්තලම හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (11) ස්ථාන දෙකකදී කේරළ ගංජා අලෙවි කරමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
12 Aug 2016
ශ්‍රි ලංකා නාවික ඉතිහාසයේ ප්‍රථම වරට නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරියෙකු පත් කෙරේ

වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මැතිතුමාගේ සංකල්පයක් මත නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නාවිකයන්ට පිළිගැනිමක් ඇති කිරීම උදෙසා, නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට, නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරියෙකු අද (11) දින නාවික හමුදාධිපති තුමා විසින් පත් කරන ලදී.
11 Aug 2016
පළමු වරට ඇමෙරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක්

පළමු වරට ඇමෙරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා වටයක්, නාවික හමුදා මූලස්ථානයේදී අගෝස්තු මස 8 සහ 9 යන දෙදින තුල පැවත් විය.
10 Aug 2016
විපතට පත් ඉන්දීය ධීවරයන් බේරා ගැනීමට නාවික හමුදාව කටයුතු කරයි

බටහිර නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවන් වන පී 417 සහ පී 474 ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අගෝස්තු මස 08 වන දින එන්ජිම ක්‍රියා විරහිත වීම හේතුවෙන් අනතුරට ලක් වී ශ්‍රී ලංකාවට අයත් බටහිර මුහුදු සීමාවේ පාවෙමින් තිබූ ඉන්දීය ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයන් 4 දෙනෙකු බේරා ගැනීමට සමත් විය.
09 Aug 2016
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (8) ඉරන්කේනි වලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
09 Aug 2016
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට

අනලතිව් දූපතට බටහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධිවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු සහ ධීවර යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (9) උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී.
09 Aug 2016
පාකිස්තානු ගුවන් හමුදාධිපති ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

පාකිස්තානු ගුවන් හමුදාධිපති, එයාර් චීෆ් මාෂල් සොහෙල් අමාන් මහතා අද (8) නාවික හමුදා මූලස්ථානයේ චාරිකාවාරයක නිරත වූ අතර, නාවික හමුදා සම්මාන ආචාර මුරයක් මගින් එතුමා ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
08 Aug 2016
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත් කුච්චවේලි, ශ්‍රී ලංකා නාවික නෞකා වලගම්බා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (7) කුච්චවේලි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
08 Aug 2016
නාවික හමුදාධිපතිතුමා උතුරු නාවික විධානයේ චාරිකාවක නිරත වෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (6) උතුරු නාවික විධානයේ නිරික්ෂණ චාරිකාවක නිරතවිය.
07 Aug 2016