වැදගත් සිදුවීම්
නාවික හමුදාධිපති නිල හමුවක් සඳහා ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ නිල හමුවීමක් සඳහා අද (2025 ජනවාරි 02) ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී, ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මැතිතුමා හමුවීමට කටයුතු කෙරිණි.
02 Jan 2025
ශ්‍රී ලංකා නාවික හමුදාව “ ක්ලීන් ශ්‍රී ලංකා” පුරවැසි ප්‍රතිඥාව ලබා දී 2025 වර්ෂයේ රාජකාරි අරඹයි
නාවික හමුදා මුලස්ථානයේ සහ සියළුම නාවික හමුදා ආයතන හා නෞකාවන්ගේ අද උදෑසන (2025 ජනවාරි 01) ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනයෙන් අනතුරුව, “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනේ සජිවි විකාශනයට සමඟාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව “ක්ලීන් ශ්‍රී ලංකා” පුරවැසි ප්‍රතිඥාව ලබා දී, උදා වූ 2025 නව වර්ෂයේ රාජකාරී ආරම්භ කිරීම සිදු කෙරිණි.
01 Jan 2025
ගාලු මුවදොර ජාතික ධජය එසවීම සහ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය නාවික හමුදාව භාර ගනියි
ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් නාවික හමුදාව වෙත භාර ගැනීම 2024 දෙසැම්බර් මස 31 වැනි දින සහ අද දින (2025 ජනවාරි 01) කොළඹ ගාලු මුවදොරදී සහ නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
01 Jan 2025
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 02 ක් ජනතා අයිතියට
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් හා අවුට්රීව් ප්‍රොජෙක්ට්ස් ගැරන්ටි ලිමිටඩ් සමාගමේ මූල්‍ය ප්‍රතිපාදන මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ හා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් නිපදවන ලද 1074 සහ 1075 වන ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු යන්ත්‍ර දෙකක් (02) පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකක (02) ස්ථාපනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය යටතේ, ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යාය 06, ඉහල කොටස, බෙදුම්ඇල ග්‍රාමයෙහි සහ ගල්මුල්ල, මළුවයාය, බකමූණ යන ස්ථානයන්හී ස්ථාපනය කර ජනතා අයිතියට පත් කිරීම, 2024 දෙසැම්බර් මස 31 වැනි දින සිදු කෙරිණි.
31 Dec 2024
අභිනව නාවික හමුදාධිපති ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වැනි නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ අද (2024 දෙසැම්බර් 31) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.
31 Dec 2024
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය හා බටහිර නාවික විධානයේ නාවික හමුදා පුද්ගලයින් අමතයි
වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වැනි නාවික හමුදාධිපතිවරයා ලෙස පත් වීමෙන් පසුව, ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාවේ කාර්යය භාරය සහ ඉදිරි ගමන් මඟ පිළිබඳ නාවික හමුදා කළමණාකරන මණ්ඩලය ඇමතීම, අද (2024 දෙසැම්බර් 31) නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරිණි.
31 Dec 2024
නාවික හමුදා උත්තමාචාර මැද අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපති වශයෙන් 2022 වර්ෂයේ දෙසැම්බර් මස 18 වැනි දින සිට කටයුතු කල අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සිය වසර 37 කට අධික සේවාකාලය අවසන් කරමින් අද (2024 දෙසැම්බර් 31 ) විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
31 Dec 2024
වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාධිපති ධූරයට
සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් රියර් අද්මිරාල් කාන්චන බානගොඩ වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව, අද ( 2024 දෙසැම්බර් 31) ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාධිපතිවරයා ලෙස පත් කරන ලදි. ඒ අනුව, අද (2024 දෙසැම්බර් 31) උදෑසන, හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් අභිනව නාවික හමුදාධිපති වෙත නාවික හමුදා සාම්ප්‍රදායානුකූලව නාවික හමුදාධිපති ගේ අසිපත පිරිනැමීම සහ රාජකාරී භාර දීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණු අතර, අභිනව නාවික හමුදාධිපති වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන ආචාර මුරයක් මඟින් ආචාරය පිරිනැමීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
31 Dec 2024
නාවික හමුදා පුද්ගලයන්ගේ සුභසාධනය වෙනුවෙන් වැලිසර නාවික පරිශ්‍රයේ පුළුල් කළ පහසුකම් නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ
නාවික හමුදා පුද්ගලයින්ගේ හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් වැලිසර නාවික පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ හොකී ක්‍රීඩා මණ්ඩපය, සේවා වනිතා උපයෝගීතා ගොඩනැගිල්ල සහ නාවික විවාහක නිවාස ඇතුළු පහසුකම්, අද (2024 දෙසැම්බර් මස 30) නාවික හමුදාධිපති, අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, මාලා ළමාහේවා මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
30 Dec 2024
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI SULTAN ISKANDAR MUDA-367’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි
2024 දෙසැම්බර් මස 28 වැනි දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවේ SIGMA - CORVETTE වර්ගයට අයත් නෞකාවක් වන ‘KRI SULTAN ISKANDAR MUDA-367’ නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද (2024 දෙසැම්බර් 30) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
30 Dec 2024


