වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමල සහ ශක්ති පුහුණු සංචාරයක් සඳහා මාලදිවයින බලා පිටත්ව යයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකාවන් ද්විත්වයක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමල සහ ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති යන නෞකාවන් 2016 අප්‍රේල් 5 වන දින පුහුණු සංචාරයක් සඳහා කොළඹ වරායෙන් මාලදිවයින බලා පිටත්ව යන ලදී.
07 Apr 2016
නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් එකොලොස් දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

කන්කසන්තුරය ශ්‍රීලංනානෞ උත්තර අයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (6) පේදුරුතුඩුවට නැගෙනහිරින් වූ මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස කිමිදුම් උපකරණ භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් 11 දෙනෙකු ඒ සඳහා යොදා ගත් ට්‍රෝලර් යාත්‍රාවක්, ඩිංගි යාත්‍රා 2 ක් සහ කිමිදීම සඳහා යොදා ගන්නා ඔක්සිජන් සිලින්ඩර් 30 ක් සමග අත්අඩංගුවට ගන්නා ලදී.
07 Apr 2016
උතුරු මුහුදේ දී ඉන්දීය ධීවරයින් නව දෙනෙකු අත්අඩංගුවට

අනලතිව් දූපතට බටහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු සහ ධීවර යාත්‍රාවක් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද උදෑසන (7) අත්අඩංගුවට ගන්නා ලදී.
07 Apr 2016
නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් දසදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

කල්පිටිය ශ්‍රීලංනානෞ විජය අයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (5) පෙරිය අරිච්චල් සහ ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් 10 දෙනෙකු ඒ සඳහා යොදා ගත් වල්ලම් 5ක් සහ නීති විරෝධී තංගුස් දැල් සමග අත්අඩංගුවට ගන්නා ලදී.
06 Apr 2016
ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්තුමා ඇතුළු නියෝජිතයින් පිරිසක් නාවික හමුදාධිපතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් අතිගරු බ්‍රයිස් හච්සන් මහතා, මිනිස් ජාවාරම් පිළිබද සොයාබැලීමේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඇන්ඩෘ ගොලෙඩ්සිනොස්කි මහතා සහ ඕස්ට්‍රේලියානු ස්වෛරී දේශසීමාවේ මෙහෙයුම් සඳහා අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් ඇන්ඩෘ විලියම් බොට්රෙල් මහතා ඇතුළු 9 දෙනෙකුගෙන් යුත් ඕස්ට්‍රේලියානු නියෝජිතයන් පිරිසක් අද (5) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
05 Apr 2016
උතුරු මුහුදේ දී ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට

ඩෙල්ෆ් දූපතට නිරිත දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු සහ ධීවර යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ රාත්‍රී (4) අත්අඩංගුවට ගන්නා ලදී.
05 Apr 2016
නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනේ

මන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (4) සවුත්බාර් තුඩුව මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් තිදෙනෙකු සමග ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.
05 Apr 2016
මෛත්‍රීපාල සේනානායක විද්‍යාලයේ ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ

වකුගඩු රෝගය වළකාලීම සඳහා නාවික හමුදාව මගින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී.
04 Apr 2016
ඉරාන තානාපතිතුමන් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අතිගරු මොහොමඩ් සඒරි අමිරානි මහතා අද (4) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
04 Apr 2016
මධ්‍ය නිලධාරීන් 44 දෙනෙකු ගරු අග්‍රාමාත්‍යතුමන් අතින් අධිකාරියට පත් කෙරේ

ශ්‍රීමත් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාවන් හදාරන ලදුව නාවික හා සාගරික විද්‍යාපීඨයේ මූලික නාවික පුහුණුව ලැබූ 29 වන සහ 30 වන බඳවා ගැනීමට අයත් නාවික මධ්‍ය නිලධාරීන් 44 දෙනෙකු අද (3) ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේ පැවැත්වූ ඉතා විචිත්‍රවත් අධිකාරියට පත් කිරීමේ උළෙලකින් පසු විසිර යන ලදී.
04 Apr 2016