වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුර ආරම්භ වෙයි

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුරේ සාමාරම්භක අවස්ථාව බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් වැලිසර ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී 2023 සැප්තැම්බර් මස 04 වන දින සිදුකෙරිණි.

06 Sep 2023

නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා වැඩ භාර ගනී

රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් 2023 සැප්තැම්බර් මස 03 වන දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

04 Sep 2023

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Delhi’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2023 සැප්තැම්බර් මස 01 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Delhi’ නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2023 සැප්තැම්බර් 03) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

03 Sep 2023

රියර් අද්මිරාල් ධම්මික කුමාර ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නව උපකුලපති ලෙස වැඩ භාර ගනියි

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පස්වන (05) උපකුලපතිවරයා වශයෙන් රියර් අද්මිරාල් ධම්මික කුමාර, 2023 සැප්තැම්බර් මස 01 වන දින එම විශ්ව විද්‍යාලයේදි වැඩ භාර ගැනීම සිදුකෙරිණි.

02 Sep 2023

බටහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් සමන් පෙරේරා වැඩ භාර ගනී

බටහිර නාවික විධානයේ සහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් සමන් පෙරේරා අද දින (2023 සැප්තැම්බර් 01) බටහිර නාවික විධාන මූලස්ථානයේදී බටහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදුකෙරිණි.

01 Sep 2023

දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ වැඩ භාර ගනී

රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද දින (2023 සැප්තැම්බර් 01) එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගැනීමට කටයුතු කෙරිණි.

01 Sep 2023

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Delhi’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Delhi’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 සැප්තැම්බර් 01) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

01 Sep 2023

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සේනරූප ජයවර්ධන නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 38 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් සේනරූප ජයවර්ධන අද දින (2023 සැප්තැම්බර් 01) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

01 Sep 2023

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත කොළඹ රාජකීය විද්‍යාලය වෙතින් බුහුමන්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන් කොළඹ, රාජකීය විද්‍යාලයේ දිප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත බුහුමන් දැක්වීමේ උත්සවයක් අද දින (2023 අගෝස්තු 31) රාජකීය විද්‍යාලයීය පරිශ්‍රයේදී සිදු කෙරිණි.

31 Aug 2023

මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසල මහා පෙරහැරේ දියකැපීමේ මංගල්‍යයට නාවික හමුදා දායකත්වය

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සහ සතර මහා දේවාලයන්හි ඇසළ මහා පෙරහැරේ අවසානය සනිටුහන් කරමින් පේරාදෙණිය ගැටඹේ දියකපනාතොටේදී අද (2023 අගෝස්තු 31) උදෑසන පැවති දියකැපීමේ මංගල්‍ය සාර්ථකව පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දායකත්වය දක්වන ලදී.

31 Aug 2023