වැදගත් සිදුවීම්
ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් මණ්ඩල සභික ක්‍රිස් වෑන් හොලන් සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවන ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් මණ්ඩල සභික ක්‍රිස් වෑන් හොලන් මහතා (Chrish Van Hollen) ඇතුළු නියෝජිතයන් පිරිසක් අද දින (2023 අගෝස්තු 30) ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවූ අතර, එම අවස්ථාව සඳහා ශ්‍රි ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ගරු ජුලී චන්ග් (Juli Chung ) මහත්මිය ද සහභාගී විය.
30 Aug 2023
ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යායතනයේ නිලධාරීන් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යායතනයේ මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන්ගෙන් සහ අධ්‍යන කාර්යමණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත නියෝජිතයන් පිරිසක් අද දින (2023 අගෝස්තු 28) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.
28 Aug 2023
මූලික පැරෂුට් පාඨමාලාව සාර්ථකව හදාරන ලද නාවික හමුදා පුද්ගලයින් විසිර යයි

අම්පාර ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසලේ පැවති 53 වන මූලික පැරෂුට් පාඨමාලාව සාර්ථකව හදාරන ලද ශ්‍රී ලංකා නාවික හමුදාවේ එක් නිලධාරියෙකු (01) සහ නාවිකයන් පස් දෙනෙකු (05) 2023 අගෝස්තු මස 24 වන දින අම්පාර ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසලේදී විසිර යන ලදි.
25 Aug 2023
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජෙනරාල් නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජෙනරාල් ලෙස වැඩ භාර ගත් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් බියන්විල (විශ්‍රාමික) අද දින (2023 අගෝස්තු 23) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.
23 Aug 2023
ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක ලෙස වැඩ භාර ගන්නා ලද කර්නල් මුහම්මද් ෆාරුක් (Colonel Muhammad Farooq) අද දින (2023 අගෝස්තු 22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.
22 Aug 2023
මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මඟින් කාන්තා නිලධාරීන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ වෙරළබඩ මුර යාත්‍රා හැසිරවීමේ පාඨමාලාව සාර්ථකව අවසන් වෙයි

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහන (UNODC–GMCP) යටතේ ත්‍රීකුණාමලය, නාවික හා සාගරික විද්‍යා පීඨයේදී පවත්වන ලද සමුද්‍රීය ක්ෂේත්රයේ නීතිය බලාත්මක කිරීමේ ආයතනයන්ට අනුයුක්ත කාන්තා නිලධාරීන් වෙනුවෙන් වූ විශේෂ වෙරළබඩ මුර යාත්‍රා හැසිරවීම පිළිබඳ පාඨමාලාව සාර්ථකව අවසන් වූ අතර, එහි සහතිකපත් ප්රදානය ත්‍රීකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන් 2023 අගෝස්තු මස 18 වන දින එම විද්‍යාපීඨයේදී සිදු කෙරිණි.
21 Aug 2023
නාවික හමුදාව මඟින් ත්‍රිකුණාමල වරාය සහ නිලාවේලි පරෙවි දුපත නැරඹීමේ මුහුදු සංචාර යළි ආරම්භ කරයි

නාවික හමුදාව මඟින් දෙස් විදෙස් සංචාරකයින්, පාසල් ළමුන්, නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට ත්‍රීකුණාමලය වරාය ඇතුලත සහ නිලාවේලි පරෙවි දූපත නැරඹීමේ මුහුදු සංචාර යළි ඇරඹීමේ නියමු ව්‍යාපෘතිය 2023 අගෝස්තු මස 19 වන දින ත්‍රීකුණාමලය වරාය පරිශ්‍රයේ දී නිල වශයෙන් ආරම්භ කෙරිණි.
20 Aug 2023
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාව ජනාධිපති වර්ණයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කරමින්, දේශයේ සමුද්‍රීය අභිලාෂය සාක්ෂාත් කරගැනීම සහ රජයේ සංවර්ධන වැඩපිළිවෙල වේගවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකරනු ලබන සුවිශේෂී කාර්යය භාරය වෙනුවෙන්, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාව සිදුකරනු ලබන අඛණ්ඩ දායකත්වය ඇගයීම උදෙසා, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාව වෙත ජනාධිපති වර්ණ පිරිනැමීම 2023 අගෝස්තු මස 18 වන දින, බූස්ස ශ්‍රී ලංකා නාවික නෞකා නිපුන ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව ඉතාමත් අභිමානවත්ව සිදුකෙරිණි.
19 Aug 2023
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසික රෝගී දරුවන්ගේ පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් නාවික හමුදාවෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගී දරුවන්ගේ පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් සමාජ සත්කාරයක් ලෙස එම රෝහලේ අබලන් වූ ඇඳන් ඇතුළු අනෙකුත් උපකරණ නාවික හමුදාවේ දායකත්වයෙන් අළුත්වැඩියාකර එම රෝහල වෙත භාරදීම අද දින (2023 අගෝස්තු 17) නාවික හමුදා නියෝජ්‍ය අධ්යක්ෂ නැව්බඳ ඉංජිනේරු කපිතාන් කපිල ද සිල්වාගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.
18 Aug 2023
ඉන්දු ශාන්තිකර පරිසර ආරක්ෂක සංසදය - 2023 සාර්ථකව නිමාවට පත්වෙයි

ඇමෙරිකා එක්සත් ජනපද ඉන්දු ශාන්තිකර විධානය (US Indo – Pacific Command - INDOPACOM), ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලද 12 වන ඉන්දු ශාන්තිකර පරිසර ආරක්ෂක සංසදය - 2023 කොළඹ ශැන්ග්‍රිලා හෝටලය කේන්ද්‍ර කර ගනිමින් 2023 අගෝස්තු මස 14 වන දින සිට දින 04 ක් පුරා පැවැත්වුනු අතර, ඉන්දු ශාන්තිකර කළාපීය පාර්ශවකරුවන් විසින් කලාපීය පරිසර ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකරනු ලබන කාර්යභාරය පිළිබඳ උගත් පාඩම් සහ යහපත් භාවිතයන් පිළිබඳව සිදුකල ඉදිරිපත් කිරීම්, සැසි, සිද්ධි අධ්‍යයන සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් මඟින් සාර්ථකව දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමෙන් අනතුරුව, 2023 අගෝස්තු මස 17 වන දින ඉන්දු ශාන්තිකර පරිසර ආරක්ෂක සංසදය - 2023 නිමාවට පත්විය.
18 Aug 2023