වැදගත් සිදුවීම්
ජාතීන් අතර සුහදත්වය වර්ධනය කිරීමට නාවික හමුදාවෙන් ප්‍රජා සත්කාරක වැඩසටහන්

නව නාවික හමුදාපතිවරයා ලෙස පත්වීම් ලද වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජයගුණරත්න මහතාගේ මගපෙන්වීම මත ජාතීන් අතර එකමුතු බව හා සහයෝගය වර්ධනය කිරීමේ අරමුණින් දමිළ හා මුස්ලිම් ජනයා උදෙසා ප්‍රජා සත්කාරක වැඩසටහන් කිහිපයක් පසුගියදා දිවයිනේ ප්‍රදේශ කිහිපයක සංවිධානය කෙරිණි.
15 Jul 2015
නව නාවික හමුදාපතිතුමන් ආරක්ෂක ලේකම් හමුවෙයි

ශ්‍රි ලංකා නාවික හමුදාවේ 20 වන නාවික හමුදාපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද දින (ජූලි 14) ආරක්ෂක ලේකම් බීඑම්යූඩී බස්නායක මහතා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කාර්යාලයේදී හමුවිය.
14 Jul 2015
නව නාවික හමුදාපතිතුමන් අතිගරු ජනාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රි ලංකා නාවික හමුදාවේ 20 වන නාවික හමුදාපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද දින (ජූලි 14) අතිගරු ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී හමුවිය.
14 Jul 2015
නව නාවික හමුදාපතිතුමා මියගිය රණවිරුවන්ට සිය කෘතවේදීත්වය පුද කරයි

නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද දින (ජූලි 13) වැලිසර නාවික හමුදා රණවිරු ස්මාරකය අභියසදී ඊට පුෂ්පෝහාර දක්වා විනාඩි දෙකක නිෂ්ශබ්දතාවයක් සුරකිමින් අප මාතෘ භූමියේ නිදහස හා ඒකීයභවය උදෙසා සිය ජීවිත පුද කරන ලද රණවිරුවන්ට සිය කෘතවේදීත්වය පුද කරන ලදී.
13 Jul 2015