වැදගත් සිදුවීම්
නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය වැඩ භාර ගනියි
නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු, රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය 2026 ජනවාරි මස 06 වැනි දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
06 Jan 2026
වෙඩි වැදීමෙන් තුවාලත් වන අලියකුට ප්‍රතිකාර ලබාදීමට නාවික හමුදා සහය
අම්පාර පානම ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා මහනාග ආයතනයට යාබද කුමන අභය භූමියේ සැරිසරමින් සිටි වෙඩි වැදීමෙන් තුවාල ලත් වන අලියෙකු වෙත අවශ්‍ය ප්‍රථිකාර කිරීම සඳහා වන ජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත නාවික හමුදා සහය ලබා දීම 2026 ජනවාරි මස 04 දින සිදු කෙරිණි.
06 Jan 2026
‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් හානියට පත් ශ්‍රී පාදස්ථානය වෙත ගමන් ගන්නා මාර්ගය පිළිසකර කිරීමට නාවික හමුදා සහය
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් ජන ජීවිතය යතාවත් කිරීම වෙනුවෙන් නාවික හමුදාව දිවයිනම ආවරණය වන පරිදි පාලම්, මාර්ග, නිවාස, පානීය ජල ළිං සහ පොදු ස්ථාන පිරිසිදු කිරීමේ හා පිළිසකර කිරීමේ විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති අතර, ඒ යටතේ; ශ්‍රී පාදස්ථානය වෙත ගමන් ගන්නා මාර්ගයේ මහගිරිදඹේ ප්‍රදේශයේ ආපදාවට පත් පියගැට පෙළ පිළිසකර කිරීම සඳහා ත්‍රිවිද හමුදාවේ දායකත්වයෙන් සිදුකෙරෙණ ප්‍රථීසංස්කරණ ක්‍රියාදාමය සඳහා නාවික හමුදා සහය ලබාදීම 2025 දෙසැම්බර් මස 31 දින සිදුකෙරිණි.
05 Jan 2026
‘Rebuilding Sri Lanka’ අරමුදල වෙත නාවික හමුදාවේ සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නාවික පුද්ගලයන්ගේ දිනක වැටුප පරිත්‍යාග කෙරේ
ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසයේ දරුණුතම ස්වභාවික විපත් අතරින් එකක් වූ 'දිට්වා' සුළි කුණාටුවෙන් සිදුවූ හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් 'Rebuilding Sri Lanka' අරමුදල වෙත, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමෙන්තුවේ සේවයේ යෙදී සිටින සියළුම නාවික හමුදා පුද්ගලයන්ගේ 2025 දෙසැම්බර් මස දිනක වැටුප, 2025 දෙසැම්බර් මස 31 වැනි දින බැර කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
05 Jan 2026
නාවික හමුදාව බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්ක තුළ ප්‍රති ආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 04ක් ස්ථපිත කරයි
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් බදුල්ල දිස්ත්‍රීක්කයේ මහියංගනය ප්‍රදේශිය ලේකම් කොට්ඨාසය සහ කුරුණෑගල දිස්ත්‍රීක්කයේ අඹන්පොල, ගල්ගමුව හා බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුල ස්ථාපනය කල ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන හතරක් (04) 2025 දෙසැම්බර් මස 29 සහ 30 දින ජනතා අයිතියට පත් කෙරිණි.
02 Jan 2026
ජාතික ආපදා තත්වය හමුවේ සහය දැක්වූ විදේශීය යුද නෞකා වෙත ප්‍රණාමය පිරිනැමේ
ගෝලීය සහ කලාපීය සහයෝගීතාවයද, සුරක්‍ෂිත සාගර කලාපයක් වෙනුවෙන් වන සාමූහික වගකීමද පෙන්නුම් කරමින්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් පැමිණි විදේශීය යුද නෞකා විසින්, දිවයිනේ ජාතික ආපදා අවස්ථාවේදී මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් සඳහා දක්වන ලද සහය වෙනුවෙන් ප්‍රණාමය පුද කිරීම, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2025 නොවැම්බර් මස 30 වැනි දින ගාළුමුවදොරට ඔබ්බෙන් වූ බටහිර මුහුදේදී පැවති, 2025 ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණයේදී සිදුකෙරිණි. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සහභාගී වූ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය, යුද නෞකා වෙතින් පිරිනමන ලද සාම්ප්‍රදායික යුද නෞකා ආචාරය පිළිගැනීම, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේදී සිදුකෙරිණි.
31 Dec 2025
දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් දම්මික විජේවර්ධන වැඩ භාර ගනියි
දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් දම්මික විජේවර්ධන 2025 දෙසැම්බර් මස 29 වැනි දින දකුණු නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
30 Dec 2025
‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් හා පෙර පාසල් නැවත පිළිසකර කිරීම සඳහා නාවික හමුදාව දායක වෙයි
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් හා පෙර පාසල් නැවත පිළිසකර කිරීම වෙනුවෙන් දායකවන ශ්‍රී ලංකා නාවික හමුදාව, බදුල්ල සහ පස්සර අධ්‍යාපන කලාපයේ හානියට පත් පාසල් පිලිසකර කිරීමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතී.
29 Dec 2025
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වන සංවත්සරය නිමිත්තෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී විශේෂ ආගමික වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වෙනි සංවත්සරය වෙනුවෙන්, සමාජමය, පාරසරික හා සදාචාරාත්මක මුලපිරීම් ආවරණය වන පරිදි නාවික හමුදාව ආගමික, පාරසරික හා සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරිණි. ඒ යටතේ නාවික හමුදාවට සහ දිවයිනට බලපෑ අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට ආශිර්වාද පතා සිදුකෙරුණු විශේෂ ආගමික වැඩසටහනක් 2025 දෙසැම්බර් මස 27 වැනි දින නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.
28 Dec 2025
75 වැනි නාවික හමුදා සංවත්සරය වෙනුවෙන් ගාලුමුවදොර වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදා 75 වැනි සංවත්සරයට සමගාමීව බටහිර නාවික විධානය මඟින් ගාලුමුවදොර වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් නාවික පුද්ගලයන්ගේ ශ්‍රම දායකත්වයෙන් 2025 දෙසැම්බර් මස 27 වැනි දින සිදුකෙරිණි.
28 Dec 2025


