වැදගත් සිදුවීම්
නාවික හා සාගරික විද්‍යාපීඨය තම මියගිය නාවිකයන් සමරයි
2006 වර්ෂයේදී සෙබළුන් රැගත් ජෙට්ලයිනර් නෞකාව ත්‍රීකුණාමලය වරායට ඇතුළු වීමේදී ත්‍රස්තවාදීන් විසින් එල්ල කරනු ලැබූ කාලතුවක්කු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ නාවික හමුදා සාමාජිකයින් සිහි කිරීම 2015 අගෝස්තු මස 01 වන දින ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සිදු කෙරින.
02 Aug 2015
ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම වෙඩි තැබීමේ සමස්ථ ශූරතාවය ලබා ගනියි
කඳුරට වෙඩි තැබීමේ සංගමයට අයත් හන්තාන වෙඩි පිටියේදී ජූලි මස 30 හා 31 යන දෙදින තුල පැවති වෙඩි තැබීමේ ශූරතා තරඟාවලියේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කණ්ඩායම සමත් විය.
02 Aug 2015
පහ වසර ශිෂ්‍යත්ව සමතුන්ට “විරු සිසු ප්‍රදීප” ශිෂ්‍යත්ව පිරිනැමේ
“විරු සිසු ප්‍රදීප” ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේදී 2015 ජූලි මස 30 වන දින පවත්වන ලදී.
30 Jul 2015
වන්දනාකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදා ජීවිතාරක්ෂක කණ්ඩායම් යොදවයි
උත්සව සමය වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔකඳ සහ තලවිල යන ප්‍රදේශයන් හි නාවික හමුදා ක්ෂණික මුදවාගැනීමේ හා සහන බලඝනයේ ජීවිතාරක්ෂක කණ්ඩායම් කිහිපයක් යෙදවීමට නාවික හමුදාව කටයුතු කර ඇත.
29 Jul 2015
නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන් රියර් අද්මිරාල් නීල් රොසයිරෝ පත්කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන් රියර් අද්මිරාල් නීල් රොසයිරෝ, ආර්එස්පී, යූඑස්පී, එන්ඩීසී, පීඑස්සී, එම්එස්සී(ඩීඇන්ඩ්එස්එස්) ජූලි මස 11 වන දින සිට පත් කර ඇති අතර, ඔහුගේ නව පත්වීමට අදාල ලිපිය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් අද (ජූලි 29) දින නාවික හමුදා මූලස්ථානයේදී ලබාගත්තේය.
29 Jul 2015
ඉරාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකා ඉරාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් ඊබ්‍රහිම් රෝහනී මහතා අද දින (ජූලි 29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
29 Jul 2015
නාවික හමුදාධිපති ජය ශ්‍රී මහා බෝ සමිඳුන් හා රුවන්වැලි මහා සෑ රදුන් වැඳපුදා ගනී
වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා නව නාවික හමුදාධිපති ධූරයට පත්වීමෙන් පසු ජූලි මස 27 වන දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් හා රුවන්වැලි මහා සෑ රදුන් වැඳ ආශිර්වාද ලබාගත්තේය.
29 Jul 2015
බෝවන රෝගීන් සඳහා නව වාට්ටුවක් උතුරු මැද නාවික විධානයේ ස්ථාපිත කෙරේ
උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ අලුතින් ඉදිකරන ලද බෝවන රෝගීන් සඳහා වන වාට්ටුව උතුරු මැද නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතා විසින් 2015 ජූලි මස 27 වන දින විවෘත කරන ලදී.
29 Jul 2015
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරිය නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරිය වශයෙන් කටයුතු කරන රොබින් මූඩී මහත්මිය අද දින (ජූලි 24) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
24 Jul 2015
ඉඳුරාම බඳවාගත් නාවික නිලධාරීන් 20 දෙනෙකු ත්‍රිකුණාමළය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යති
2015 පළමු බඳවා ගැනීමට අයත් ඉඳුරාම බඳවාගත් නිලධාරීන් 20 දෙනෙකු ත්‍රිකුණාමළය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අද දින (ජූලි 24) විසිර ගියහ.
24 Jul 2015


