වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගත් ප්‍රථම කාන්තා ශිෂ්‍යභට නිලධාරීන් ඇතුළු 66 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට සහ ඉඳුරාම බඳවා ගැනීමට අයත් නව නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට බඳවා ගත් කාන්තා ශිෂ්‍යභට නිලධාරීන් හය දෙනෙකු (06) ඇතුළු 66 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරීන් තිස් තුන් (33) දෙනෙකු වෙත සහ 2023 ඉඳුරාම බඳවා ගැනීමට අයත් නිලධාරීන් විසි හතර (24) දෙනෙකු වෙත පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම අද දින (2024 ජනවාරි 10) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.
10 Jan 2024
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඊජිප්තු තානාපති නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඊජිප්තු තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු Maged Mosleh මහතා අද දින (2024 ජනවාරි 10) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
10 Jan 2024
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KABRA’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 ජනවාරි මස 08 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KABRA’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2024 ජනවාරි 10) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
10 Jan 2024
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KABRA’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KABRA’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ජනවාරි 08) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
08 Jan 2024
නාවික හා සාගරික විද්‍යාපීඨයේ ‘The Porthole’ සංග්‍රහය නාවික හමුදාධිපති වෙත පිළිගන්වයි

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය මඟින් වාර්ෂිකව එළි දක්වනු ලබන වෘත්තීය ප්‍රකාශනය වන ‘The Porthole’ සංග්‍රහයෙහි දෙවන සංස්කරණය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ විසින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පිළිගැන්වීම, අද දින (2024 ජනවාරි 01) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
01 Jan 2024
ගාලු මුවදොර ජාතික ධජය එසවීම සහ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරයේ රාජකාරීන් නාවික හමුදාව භාර ගනී

ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත භාර ගැනීම 2023 දෙසැම්බර් මස 31 වන දින සහ අද දින (2024 ජනවාරි 01) කොළඹ ගාලු මුවදොරදී සහ නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
01 Jan 2024
ශ්‍රී ලංකා නාවික හමුදාව රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබා දී නව වසරේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා නාවික හමුදාව උදා වූ 2024 නව වර්ෂයේ රාජකාරී ආරම්භ කිරීමට පෙර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 ජනවාරි 01) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී, රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරිණි.
01 Jan 2024
73 වන නාවික හමුදා සංවත්සර දින නිලධාරී සුහද හමුව වැලිසර Wave ‘N’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සර දිනය සැමරීම සඳහා ආගමික සහ නාවික හමුදා සම්ප්‍රදායන්ට මුල්තැනක් දෙමින් වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු සංවිධානය කෙරුණු අතර, එම වැඩසටහන් මාලාවේ නිලධාරීන්ගේ සුහද හමුව 2023 දෙසැම්බර් මස 30 වන දින වැලිසර Wave ‘N’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණියගේ ආරාධනයෙන්, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න( විශ්‍රාමික) හා එම මැතිණිය, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ ඇතුළු හිටපු නාවික හමුදාධිපතිවරුන් සහ සම්භාවනීය ආරාධිතයන්ගේ ගෞරවනීය සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
31 Dec 2023
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 73 වන සංවත්සරය නිමිත්තෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී විශේෂ ආගමික වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා සිදුකෙරුණු විශේෂ ආගමික වැඩසටහනක් 2023 දෙසැම්බර් මස 29 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ළමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.
30 Dec 2023
ඉඳුරාම බඳවා ගත් නිලධාරීන් 29 ක් නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යයි

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවට ඉඳුරාම බඳවාගත් නිලධාරීන් විසිනව දෙනෙකු (29) විසිරයාමේ උත්සවය, ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ ගේ ආරාධනයෙන්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද දින (2023 දෙසැම්බර් 29) ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි.
29 Dec 2023