Drug Bust News-si

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ක්‍රියාත්මක නාවික හමුදා මෙහෙයුම් මඟින් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 654 කට අධික තොගයක් සහ අවි ආයුධ තොගයක් නාවික හමුදා භාරයට

‘රටම එකට’ ජාතික මෙහෙයුමේ ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස, එහි අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් නාවික හමුදාව දිවයින වටා මුහුදු කාලපය ආවරණය වන පරිදි විශේෂිත වූ නාවික මෙහෙයුම් ක්‍රියාවට නන්වා ඇති අතර, ඒ යටතේ ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී සිදුකරන ලද සාර්ථක නාවික මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය අඩංගු උර තොගයක් සහ අවි ආයුධ තොගයක් ප්‍රවාහනය කරන බවට සැකපිට දේශීය බහුදින ධීවර යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) සහ එම ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙණ තවත් බහුදින ධීවර යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

13 Mar 2026

නීති විරෝධි ලෙස අලෙවි කිරීමට සූදානම් කළ ඖෂධ පෙති තොගයක් සමඟ සැකකරුවෙකු සමන්තුරේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2026 මාර්තු මස 04 වැනි දින, අම්පාර, සමන්තුරේ ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ ඖෂධ පෙති දෙසියයක (200) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

09 Mar 2026

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ක්‍රියාත්මක නාවික හමුදා මෙහෙයුම් මඟින් හෙරොයින් සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් දිගුදුර නාවික මෙහෙයුම් බලඇණියේ අත්අඩංගුවට

‘රටම එකට’ ජාතික මෙහෙයුමේ අරමුණු සාක්සාත් කර ගැනීම වෙනුවෙන්, එහි ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස නාවික හමුදාව දිවයින වටා ඇති මුහුදු කාලපය ආවරණය වන පරිදි විශේෂිත වූ නාවික මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී සිදුකරන ලද සාර්ථක නාවික මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. එම බහුදින ධීවර යාත්‍රාව, අද (2026 මාර්තු 08) දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදුකල විශේෂඥ පරීක්‍ෂාවේදී, නාවික හමුදා භාරයට ගත් උර තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකසිය දෙකකට (102) අධික තොගයක් සහ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් නව සියයකට‍ (900) අධික තොගයක් ඇති බවට තහවුරු වූ අතර, එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය සඳහා ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී විය.

08 Mar 2026

නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 953 කට අධික තොගයක් මාරවිල මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මාරවිල මුහුදු ප්‍රදේශයේ 2026 මාර්තු මස 03 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් නවසිය පනස් තුනකට (953) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

08 Mar 2026

නීති විරෝධී ලෙස අළෙවි කිරීමට උත්සාහ කල විදේශීය දුම්වැටි 2000ක තොගයක් සමඟ සැකකරුවෙක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කොළඹ වරාය පොලීසිය හා එක්ව කොළඹ වරාය තුල 2026 පෙබරවාරි මස 16 වැනි දින සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස අළෙවි කිරීමට උත්සාහ කල විදේශීය දුම්වැටි දෙදහසක (2000) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

17 Feb 2026

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද ඖෂධ පෙති 744500 ක තොගයක් වත්තලදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2026 පෙබරවාරි මස 02 වැනි දින වත්තල ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධීව මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කරමින් තිබු ඖෂධ පෙති (Pregabalin Capsules) හත්ලක්‍ෂ හතලිස් හතර දහස් පන්සියයක (744500) තොගයක් රැගත් ලොරි රථයක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

06 Feb 2026

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල පක්‍ෂීන් 237ක් සමඟ සැකකරුවන් 03ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කච්චතිව් දුපත ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස විදේශයකින් මෙරටට රැගෙන ඒමට උත්සාහ කල පක්‍ෂීන් දෙසීය තිස් හත් දෙනෙකු (237) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) අද (2026 ජනවාරි 14) අළුයම් කාලයේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

15 Jan 2026

ඖෂධ පෙති 108,480ක තොගයක් කල්පිටිය කන්දක්කුලිය මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය කන්දක්කුලිය මුහුදු ප්‍රදේශයේ 2026 ජනවාරි මස 12 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස රට තුලට ගෙන ඒමට උත්සාහ කල ඖෂධ පෙති එක්ලක්‍ෂ අටදහස් හාරසිය අසූවක (108,480) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

13 Jan 2026

විදේශීය කංසා කිලෝ 02ක් ‍‍සමඟ සැකකරුවෙක් යාපනය මරදන්කේනි ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව, යාපනය මරදන්කේනි ප්‍රදේශයේ 2026 ජනවාරි මස 09 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී විදේශීය කංසා කිලෝග්‍රෑම් දෙකක (02) පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

11 Jan 2026

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 193ට අධික තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 05ක් දකුණු දිග ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දිග ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර එකොලහක් (11) ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් අද උදෑසන (2025 දෙසැම්බර් 24) දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදුකල විශේෂඥ පරීක්‍ෂාවේදී, එම උර තුල අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකසිය හැත්තෑ දෙකකට (172) අධික තොගයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් විසි එකකට (21) කට අධික තොගයක් ඇති බවට තහවුරු විය. එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය සඳහා ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාද එක්විය.

25 Dec 2025