IUU Fishing-si

නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ නාවික මෙහෙයුම් මඟින් පුද්ගලයින් 26 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 දෙසැම්බර් මස 06 සිට 15 දින දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් විසිපස් දෙනෙකු (25) සමඟ ඩිංගි යාත්‍රා දහතුනක් (13) සහ යාපනය විශේෂ කාර්ය බලකාය හා එක්ව සිදුකළ මෙහෙයුමකදී, අලෙවි කිරීමට සූදානම් කළ තහනම් ධීවර දැල් තිස්හයක් (36) සමඟ එක් සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

18 Dec 2025

නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ නාවික මෙහෙයුම් මඟින් පුද්ගලයින් 50 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 ඔක්තෝබර් මස 27 සිට නොවැම්බර් 10 දින දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් පනස් දෙනෙකු (50) සමඟ ඩිංගි යාත්‍රා දහතුනක් (13), කුඩා යාත්‍රාවක් (01) සහ යතුරු පැදියක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

13 Nov 2025

දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, 2025 නොවැම්බර් මස 09 වැනි දින රාත්‍රී කාලයේ, අනලතිව් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දහහතර දෙනෙකු (14) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

10 Nov 2025

දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 04ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, 2025 නොවැම්බර් මස 02 වැනි දින සහ අද (2025 නොවැම්බර් 03) අළුයම් කාලයේ, වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන් සහ අනලතිව් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා හතරක් (04) සමඟ ඉන්දීය ධීවරයින් තිස්පස් දෙනෙකු (35) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

03 Nov 2025

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 335ට අධික තොගයක් රැගත් බහුදින යාත්‍රාවක් සමඟ සැකකරුවන් 06ක් බටහිර දිග ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව, ශ්‍රී ලංකාවට බටහිර දිග ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙණ උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් අද උදෑසන (2025 නොවැම්බර් 02) දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සිදුකල විශේෂඥ පරීක්‍ෂාවේදී, මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙණ උර තුල අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 250ක‍ට අධික තොගයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 85කට අධික තොගයක් ඇති බවට තහවුරු වූ අතර, එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය සඳහා ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මැතිතුමා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී විය.

02 Nov 2025

නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ නාවික මෙහෙයුම් මඟින් පුද්ගලයින් 06 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 ඔක්තෝබර් මස 21 වැනි දින සිට 24 වැනි දින දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් හය දෙනෙකු (06) සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

30 Oct 2025

නීති විරෝධී ධීවර මැඩපැවැත්වීමේ නාවික මෙහෙයුම් මඟින් පුද්ගලයින් 28 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය විශේෂ කාර්ය බලකාය හා එක්ව, පසුගිය දෙසතිය තුල (2025 ඔක්තෝබර් 08 සිට ඔක්තෝබර් 19 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් හා පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් විසිඅටදෙනෙකු (28) සමඟ ඩිංගි යාත්‍රා අටක් (08) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

23 Oct 2025

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 02 ක් යාපනය වේලනිතුරෙයි ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව යාපනය, වේලනිතුරෙයි ප්‍රදේශයේ 2025 ඔක්තෝබර් මස 14 වැනි දින උදෑසන සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් වලංගු බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් එක්දහස් දෙසීය හතලිහක (1240) පමණ තොගයක් සහ කැබ් රථයක් (01) නිතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

16 Oct 2025

නීති විරෝධී ධීවර මැඩපැවැත්වීමේ නාවික මෙහෙයුම් මඟින් පුද්ගලයින් 45 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ යාපනය විශේෂ කාර්ය බලකාය හා එක්ව, පසුගිය දෙසතිය තුල (2025 සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 07 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් හා පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ, බලපත්‍ර නොමැතිව ධීවර කටයුතු සිදුකළ සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් හතලිස් පස් දෙනෙකු (45) සමඟ ඩිංගි යාත්‍රා එකො‍ලහක් (11) කැනොයි ඔරු දෙකක් (02) සහ කැබ් රථයක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

13 Oct 2025

දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 05 නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 ඔක්තෝබර් මස 08 වැනි දින සහ අද (2025 ඔක්තෝබර් 09) අළුයම් කාලයේ, මන්නාරම උතුර සහ යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා පහක් (05) සමඟ ඉන්දීය ධීවරයින් හතලිස් හත් දෙනෙකු (47) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

09 Oct 2025