Other Contraband-si
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ සහ එනසාල් තොගයක් සමඟ සැකකරුවන් 02ක් පුත්තලමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම මාම්පූරි වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව 2026 මාර්තු මස 15 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් දෙකකට (1002) අධික තොගයක් (තෙත බර සහිතව) සහ එනසාල් කිලෝ ග්‍රෑම් එකසිය දහසයක (116) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
19 Mar 2026
නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 1273 කට අධික තොගයක් හලාවත මුහුදේ දී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, හලාවත ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2026 මාර්තු මස 15 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසීය හැත්තෑ තුනකට (1273) අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
19 Mar 2026
නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොල කිලෝග්‍රෑම් 360ක පමණ තොගයක් මීගමුව පිටිපන මුහුදු ප්‍රදේශයේදි නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව පිටිපන මුහුදු ප්‍රදේශයේ 2026 පෙබරවාරි මස 26 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොල කිලෝග්‍රෑම් තුන්සිය හැටක (360) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
03 Mar 2026
නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 882ක තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 පෙබරවාරි මස 25 වැනි දින කල්පිටිය ආනවාසල සහ මොහොත්තුවාරම් ප්‍රදේශයන්හී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කළ සහ ලඳු කැලෑවක සඟවා තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් අටසිය අසූදෙකක (882) පමණ තොගයක් සමඟ කැබ් රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
27 Feb 2026
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ, විදේශීය දුම්වැටි සහ කෘමිනාශක තොගයක් සමඟ සැකකරුවන් 02ක් හලාවතදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව හලාවත සහ තුඩුවාව මුහුදු ප්‍රදේශයේ 2026 පෙබරවාරි මස 21 වැනි දින සිදුකළ විශේෂ එකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් සිටි සහ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් නවසිය අනුදෙකකට (992) අධික තොගයක්, විදේශීය දුම්වැටි එක්ලක්‍ෂ හතලිස් දහසක් (140,000), කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
24 Feb 2026
නීති විරෝධී ලෙස රටතුලට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 1400කට අධික තොගයක් හලාවතදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව හලාවත, මුතුපන්තිය මුහුදු ප්‍රදේශයේ සහ ආරච්චිකටටුව වයිරම්කට්ටුව ප්‍රදේශයේ 2026 පෙබරවාරි මස 17 වැනි දින සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී රට තුලට රැගෙන ඒමට උත්සාහ කළ සහ ප්‍රවාහනයට සූදානම්කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් හාරසිය හතකට (1407) අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ලොරි රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
18 Feb 2026
විදේශීය දුම්වැටි 9000ක තොගයක් නීති විරෝධී ලෙස සන්තකයේ තබාගත් පුද්ගලයෙකු වත්තල ප්‍රදේශයේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ගෝණහේන පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව වත්තල හැඳල ප්‍රදේශයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, විදේශීය දුම්වැටි නව දහසක (9000) පමණ තොගයක් නීති විරෝධී ලෙස සන්තකයේ තබාගනිමින් ත්‍රී රෝද රථයක් මඟින් ප්‍රවාහනය කල පුද්ගලයෙකු (01) 2026 පෙබරවාරි මස 17 වැනි දින නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
18 Feb 2026
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 300කට අධික තොගයක් මාරවිල මුහුදේ දී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මාරවිලට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ 2026 පෙබරවාරි මස 07 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් තුන් සියයකට (300) අධික තොගයක් (තෙත බර සිහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
10 Feb 2026
නීති විරෝධි ලෙස හක් බෙල්ලන් 1158 ක් සන්තකයේ තබාගත් සැකකරුවෙක් තලෙයිමන්නාරමේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය හා එක්ව, තලෙයිමන්නාරම ඉරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ 2026 ජනවාරි මස 25 වැනි දින සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අනුමත නෛතික සීමාව නොමැති හක් බෙල්ලන් ගණනින් එක්දහස් එකසිය පනස් අටක (1158) තොගයක් නිවසක ගබඩා කරගෙන සිටි පුද්ගලයෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
27 Jan 2026
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද බීඩි කොළ තොගයක් කල්පිටියේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2026 ජනවාරි මස 14 වැනි දින කල්පිටිය කුඩාව ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසිය දහහතක (617) පමණ තොගයක් රැගත් කැබ් රථයක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
17 Jan 2026


