Other Contraband-si

නීති විරෝධී ලෙස රටතුලට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 1400කට අධික තොගයක් හලාවතදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව හලාවත, මුතුපන්තිය මුහුදු ප්‍රදේශයේ සහ ආරච්චිකටටුව වයිරම්කට්ටුව ප්‍රදේශයේ 2026 පෙබරවාරි මස 17 වැනි දින සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී රට තුලට රැගෙන ඒමට උත්සාහ කළ සහ ප්‍රවාහනයට සූදානම්කල බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් හාරසිය හතකට (1407) අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ලොරි රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

18 Feb 2026

විදේශීය දුම්වැටි 9000ක තොගයක් නීති විරෝධී ලෙස සන්තකයේ තබාගත් පුද්ගලයෙකු වත්තල ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ගෝණහේන පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව වත්තල හැඳල ප්‍රදේශයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, විදේශීය දුම්වැටි නව දහසක (9000) පමණ තොගයක් නීති විරෝධී ලෙස සන්තකයේ තබාගනිමින් ත්‍රී රෝද රථයක් මඟින් ප්‍රවාහනය කල පුද්ගලයෙකු (01) 2026 පෙබරවාරි මස 17 වැනි දින නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

18 Feb 2026

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 300කට අධික තොගයක් මාරවිල මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මාරවිලට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ 2026 පෙබරවාරි මස 07 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් තුන් සියයකට (300) අධික තොගයක් (තෙත බර සිහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

10 Feb 2026

නීති විරෝධි ලෙස හක් බෙල්ලන් 1158 ක් සන්තකයේ තබාගත් සැකකරුවෙක් තලෙයිමන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය හා එක්ව, තලෙයිමන්නාරම ඉරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ 2026 ජනවාරි මස 25 වැනි දින සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අනුමත නෛතික සීමාව නොමැති හක් බෙල්ලන් ගණනින් එක්දහස් එකසිය පනස් අටක (1158) තොගයක් නිවසක ගබඩා කරගෙන සිටි පුද්ගලයෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

27 Jan 2026

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද බීඩි කොළ තොගයක් කල්පිටියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2026 ජනවාරි මස 14 වැනි දින කල්පිටිය කුඩාව ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසිය දහහතක (617) පමණ තොගයක් රැගත් කැබ් රථයක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

17 Jan 2026

නීති විරෝධී ලෙස ගොඩ දැමූ වැලි රැගත් ඩිංගි යාත්‍රා 05ක් ත්‍රිකුණාමලය උප්පාරු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය උප්පාරු ප්‍රදේශයේ මහවැලි ගඟ ආශ්‍රිතව සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් මහවැලිග‍ඟේ උප්පාරු පාලම අසල ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ගොඩ දැමු වැලි තොග රැගත් ඩිංගි යාත්‍රා පහක් (05), 2026 ජනවාරි මස 13 වැනි දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

15 Jan 2026

නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් 621ක පමණ තොගයක් මීගමුව මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුවට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ 2026 ජනවාරි මස 12 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් හයසිය විසි එකක (621) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

14 Jan 2026

නීති විරෝධී ලෙස අළෙවි කිරීමට උත්සාහ කල විදේශීය දුම්වැටි 1560ක තොගයක් සමඟ සැකකරුවන් 02ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව කොළඹ අළුත්කඩේ ප්‍රදේශයේ 2026 ජනවාරි මස 08 වැනි දින සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස අළෙවි කිරීමට උත්සාහ කල විදේශීය දුම්වැටි එක්දහස් පන්සිය හැටක (1560) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

09 Jan 2026

නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් 554ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 02ක් වෙන්නප්පුව ලුනුවිල මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙන්නප්පුව ලුනුවිල ප්‍රදේශය‍ට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ 2026 ජනවාරි මස 03 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් පන්සිය පනස් හතරක (554) පමණ තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

06 Jan 2026

වෝටර් ජෙල් වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 115ක් සමඟ සැකකරුවෙකු මන්නාරමේදී නීතියේ රැහැනට ‍

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව මන්නාරම පල්ලිමුනෛ ප්‍රදේශයේ 2025 දෙසැම්බර් මස 31 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකිරීම සඳහා සන්තකයේ තබා සිටි වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු එකසිය පහළොවක (115) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

02 Jan 2026