Search & Rescue-si

ත්‍රීකුණාමලය, වෙරුගල්ආරු ග‍ඟේ ගිලෙමින් සිටි දරුවෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව බේරා ගනියි

ත්‍රීකුණාමලය, වෙරුගල් ප්‍රදේශයේ මුරුගන් හින්දු දේවස්ථානයේ පැවති වාර්ෂික දේව මංගල්‍යයට සහභාගිවන බැතිමතුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන්, වෙරුගල්ආරු ග‍ඟේ ජිවිතාරක්‍ෂක රාජකාරි සඳහා යොදවා සිටි නාවික හමුදා ජීවිතාරක්‍ෂක කණ්ඩායමක් විසින්, එම ගංගාවේ ගිලෙමින් සිටි දරුවෙකු (01) නිරුපද්‍රිතව බේරා ගැනීමට 2025 සැප්තැම්බර් මස 05 වැනි දින කටයුතු කෙරිණි.

06 Sep 2025

කාර්මික දෝශයක් හේතුවෙන් දකුණු මුහුදේ දී අපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 03ක් නාවික හමුදාව නිරුපද්‍රිතව මුදාගනියි

නාවික හමුදාව සිදුකල විශේෂ සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුමක් මඟින්, හම්බන්තොට සිට නාවික සැතපුම් 38 ක් පමණ (කිලෝ මීටර් 70 ක් පමණ) දුරින් වූ දකුණු මුහුදේ දී කාර්මික දෝශයක් හේතුවෙන් ආපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් තිදෙනෙකු (03) මුදා ගැනීමෙන් අනතුරුව, නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට 2025 අගෝස්තු මස 30 දින කටයුතු කෙරිණි.

01 Sep 2025

ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ ඇති වූ හදිසි ගින්නක් නාවික හමුදා සහයෙන් සාර්ථකව මැඩපවත්වයි

ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ, භාවිතයට නොගන්නා ධීවර යාත්‍රා තබා ඇති අංගනයේ තිබූ යාත්‍රාවක (01) ඇති වූ හදිසි ගින්නක් මැඩපවත්වා, එම ගින්න පැතිරීම වැලක්වීමට දකුණු නාවික විධානයට අයත් ගිණි නිවීමේ කණ්ඩායමක සහය ලබාදීමට අද (2025 අගෝස්තු 10) නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

10 Aug 2025

බටහිර මුහුදේ දී අනතුරට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 03 ක්‍ නාවික හමුදාව නිරුපද්‍රිතව මුදාගනියි

වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 02 ක් පමණ (කිලෝ මීටර් 04 ක් පමණ) දුරින් වූ බටහිර මුහුදේ දී අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් තිදෙනෙක් (03) ශ්‍රී ලංකා නාවික හමුදාව 2025 ජුලි මස 19 වැනි දින සිදුකල විශේෂ සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුමක් මඟින් නිරුපද්‍රිතව මුදාගැනීමෙන් අනතුරුව, ඉදිරි කටයුතු සඳහා දික්ඕවිට වරාය වෙත රැගෙනවිත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත බාර දීමට කටයුතු කෙරිණි.

20 Jul 2025

නාවික හමුදා ක්‍ෂණික ප්‍රථිචාර දැක්වීම මඟින් යාපනය ඩෙල්ෆ්ට් දූපත අසල මුහුදේ අනතුරට පත් “PERL LINK” යාත්‍රාවේ සිටි මගීන් නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට සමත් වෙයි

යාපනය ඩෙල්ෆ්ට් දූපතේ සිට කුරිකඩ්ඩුවාන් ජැටිය දක්වා දේශීය සංචාරකයන් පිරිසක් රැගත් PERL LINK නමැති මගී ප්‍රවාහන යාත්‍රාව, 2025 ජුලි මස 12වැනි දින ආපදාවට පත්ව මුහුදු බත් වූ අතර, එහිදී මුදාගත් එම යාත්‍රාවේ සිටි සංචාරකයන් දොළොස් දෙනා (12) සහ කාර්යමණ්ඩලයේ දෙදෙනා (02) නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කෙරිණි.

14 Jul 2025

ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකල සාර්ථක සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුමකින් ආපදාවටපත් ඉන්දීය ධීවරයින් පිරිසක් නිරුපද්‍රිතව මුදාගනියි

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට ලද තොරතුරක‍ට අනුව එහි සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍ෂණිකව ක්‍රියාත්මක කරන ලද සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුමක් මඟින්, ශ්‍රී ලංකාවට බටහිර දෙසින්වූ මුහුදේ දී ආපදාවට පත්ව ක්‍රියාවිරහිතව තිබූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව්දෙනෙකු (04) නිරුපද්‍රිතව මුදා ගැනීමට 2025 ජුලි මස 06 වැනි දින කටයුතු කෙරිණි.

07 Jul 2025

Navy rescues 02 fishermen after fishing trawler capsizes off Galle

On receipt of distress alert of a fishing trawler overturning on 27 Jun 25, approximately 09 nautical miles (16 km) off the coast of Galle, the Sri Lanka Navy, in coordination with the Air Force, launched an intensive search and rescue operation.

28 Jun 2025