Search & Rescue-si
නාවික හමුදාව අනුරාධපුරය සහ වව්නියාව දිස්ත්‍රික්ක තුල සිදුකල අඛණ්ඩ ආපදා සහන මෙහෙයුම් මඟින් පුද්ගලයන් 380ක් වෙත සහන සලසයි
අයහපත් කාලගුණික තත්වය හමුවේ අනුරාධපුරය සහ වව්නියාව දිස්ත්‍රික්ක තුල පීඩාවට පත්වන මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව අද දිනයේදීත් (2025 නොවැම්බර් 29) අඛණ්ඩ මෙහෙයුම් සිදු කෙරිණි. ඒ අනුව, උතුරු මැද නාවික විධානය මඟින්; අනුරාධපුර ඉපලෝගම, පදවි පරාක්‍රමපුර, සේනපුර, මැදවච්චිය, සෙට්ටිකුලම්, ගල්නෑව, තඹුත්තේගම සහ වව්නියාව ඕමන්තේ ප්‍රදේශ තුල සිදුකල ආපදා සහන මෙහෙයුම් මඟින් ගංවතුර හේතුවෙන් අවදානමට ලක්ව සිටි පුද්ගලයන් 380 දෙනෙකු වෙත සහන සැලසීම සිදු කෙරිණි.
29 Nov 2025
ත්‍රිකුණාමලය, පොලොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්ක තුල ආපදාවට පත් පුද්ගලයන් 1310ක් වෙත නාවික හමුදාව සහන සලසයි
ශ්‍රී ලංකා නාවික හමුදාව දිවයිනම ආවරණය වන පරිදි අධි අවධානම් ආපදා සහිත ස්ථාන වෙත ආපදා සහන කණ්ඩායම් යොදවා ඇත. අද දිනය (2025 නොවැම්බර් 29) තුල නැගෙනහිර නාවික විධානය මඟින් ත්‍රිකුණාමලය, පොලොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්ක තුල; කින්නියා මල්ලපච්චෙනායි, කන්තලේ, මූතූර් සාෆි නගර්, කලාඔය, ගෝමරන්කඩවල, රැල් පාලම, ගල්ලෑල්ල සහ අළුත්ගම බෝගමුව යන ප්‍රදේශ ආවරණය වන පරිදි සිදුකල ආපදා සහන මෙහෙයුම් මඟින්, ගංවතුරෙන් ආපදාවට පත්ව අවදානමට ලක්ව සිටි පුද්ගලයන් 69 දෙනෙකු මුදා ගැනීමටත්, 1241 දෙනෙකු ආරක්‍ෂිතව ප්‍රවාහනය කිරීමටත් කටයුතු කෙරිණි.
29 Nov 2025
අයහපත් කාලගුණ තත්වය හමුවේ පීඩාවට පත් ජනතාව වෙත සහන සැලසීම සඳහා නාවික හමුදාවෙන් අඛණ්ඩව ආපදා සහන මෙහෙයුම්
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය මත ඇදහැලෙන අධික වැසි හේතුවෙන් කලාඔය, වාරියපොල, කොබෙයිගනේ, නච්චිකුඩා මල්ලාවිල්, පොලොන්නරුව ගල්ලෑල්ල, කුරුණෑගල මහව, හලාවත අරියගම, දිවුලපිටිය කොටදෙනියාව, මහනුවර හල්ලොලුව, තලාතුඔය මහමැදගම, කොලොන්නාව සහ කෑගල්ල ගුරුගල්ල යන ප්‍රදේශයන්හි ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා තවදුරටත් (2025 නොවැම්බර් 29) නාවික හමුදාව ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදුකරමින් සිටියි.
29 Nov 2025
ගංවතුරෙන් පීඩාවටපත් ත්‍රීකුණාමලය සහ අම්පාර ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් නාවික හමුදාව මඟින් ආපදා සහන මෙහෙයුම්
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය මත ඇදහැලෙන අධික වැසි හේතුවෙන්, ත්‍රීකුණාමලය මුතූර් හා කින්නියා ප්‍රදේශයේ සහ අම්පාර කල්මුනේ ප්‍රදේශයේ ඇතිවී ඇති ගංවතුර හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව අද උදෑසන (2025 නොවැම්බර් 28) සිට අඛණ්ඩව ආපදා සහන මෙහෙයුම් සිදුකරමින් සිටියි.
28 Nov 2025
ගංවතුරෙන් ආපදාවට පත්ව යාපනය පුන්ගුඩුතිව් දූපතේ අසාධ්‍යව සිටි රෝගියෙකු ප්‍රථිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය
යාපනය ප්‍රදේශයට ඇදහැලෙන අධික වැසි තත්වය හමුවේ, ප්‍රවේශ මාර්ග අවහිරවීමෙන් ප්‍රථිකාර ගැනීමට යාමට නොහැකිව හෘදයාබාදයකින් අසාධ්‍යව පුන්ගුඩුතිව් දූපතේ සිරවී සිටි කාන්තාවක්, ප්‍රථිකාර සඳහා කඩිනමින් පුන්ගුඩුතිව් රෝහල වෙත යොමු කිරීමට අද උදෑසන (2025 නොවැම්බර් 28) නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
28 Nov 2025
අයහපත් කාලගුණ තත්වය හමුවේ මහව සහ එළුවන්කුලම ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමට නාවික හමුදා සහය
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය මත ඇදහැලෙන අධික වැසි හේතුවෙන්, කුරුණෑගල මහව ගල්ටැන් වැව පිටාර ගැලීමෙන් සහ පුත්තලම එළුවන්කුලම ප්‍රදේශයේ ඇතිවී ඇති ගංවතුර හමුවේ ආපදාවට පත් ජනතාව, නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් මඟින් නිරුපද්‍රිතව ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමේ මෙහෙයුම් අද උදෑසන (2025 නොවැම්බර් 28) සිදුකෙරිණි.
28 Nov 2025
අයහපත් කාලගුණ තත්වය හමුවේ හඟුරන්කෙත ප්‍රදේශයේ පස් කඳු කඩා වැටීමෙන් ආපදාවට පත් ජනතාව ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමට නාවික හමුදා සහය
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හමුවේ, හඟුරන්කෙත කොස්ගහලන්ද, මාඔය, උනුවින්න ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් එම ප්‍රදේශයේ සිරවී සිටි පිරිසක් නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් මඟින් නිරුපද්‍රිතව ඉවත්කර ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ඊයේ දිනයේදී (2025 නොවැම්බර් 27) කටයුතු කෙරිණි.
28 Nov 2025
අයහපත් කාලගුණ තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාවෙන් අඛණ්ඩ මෙහෙයුම්
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා, ආපදා සහන කණ්ඩායම් දකුණ, නැගෙනහිර, වයඹ සහ උතුරු මැද පළාත් ආවරණය පරිදි 2025 නොවැම්බර් 22 දින සිට නාවික හමුදාව විසින් අනුයුක්ත කෙරුණු අතර, එම සහන කණ්ඩායම් ආපදා සහන මෙහෙයුම් අද දිනයේදීත් (2025 නොවැම්බර් 28) අඛණ්ඩව සිදුකරමින් සිටියි.
28 Nov 2025
නාවික හමුදාව මඟින් ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම්
අයහපත් කාළගුණික තත්වය හමුවේ දකුණු පළාතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම සහ නාගොඩ ප්‍රදේශයන්හි ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව මඟින් ආපදා සහන කණ්ඩායම් 2025 නොවැම්බර් මස 22 වන දින සිට අනුයුක්ත කෙරුණු අතර, එම සහන කණ්ඩායම් ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත් පුද්ගලයන් ආරක්ෂිතව මුදාගැනීම සහ ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් කුඩා යාත්‍රා මඟින් ආපදා සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටියි.
26 Nov 2025
ආපදාවට පත් කෙෂාන් පුතා 1 බහු දින ධීවර යාත්‍රාවේ ධීවරයින් 04ක් සිඳුරළ නෞකාවෙන් හම්බන්තොට වරාය වෙත රැගෙන එයි
හම්බන්තොට සිට නාවික සැතපුම් 354ක් පමණ (කිමි 655ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී, ආපදාවට පත් කෙෂාන් පුතා 1 බහු දින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සිව් දෙනෙකු (04), කොළඹ සමුද්‍රිය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් බේරාගැනීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව මඟින් හම්බන්තොට වරාය වෙත අද උදෑසන (2025 ඔක්තෝබර් 31) රැගෙන විත්, වැඩිදුර ප්‍රථිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත ඇතුළත් කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
31 Oct 2025


