Search & Rescue-si
අයහපත් කාලගුණ තත්වය හමුවේ හඟුරන්කෙත ප්‍රදේශයේ පස් කඳු කඩා වැටීමෙන් ආපදාවට පත් ජනතාව ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමට නාවික හමුදා සහය
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හමුවේ, හඟුරන්කෙත කොස්ගහලන්ද, මාඔය, උනුවින්න ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් එම ප්‍රදේශයේ සිරවී සිටි පිරිසක් නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් මඟින් නිරුපද්‍රිතව ඉවත්කර ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ඊයේ දිනයේදී (2025 නොවැම්බර් 27) කටයුතු කෙරිණි.
28 Nov 2025
අයහපත් කාලගුණ තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාවෙන් අඛණ්ඩ මෙහෙයුම්
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා, ආපදා සහන කණ්ඩායම් දකුණ, නැගෙනහිර, වයඹ සහ උතුරු මැද පළාත් ආවරණය පරිදි 2025 නොවැම්බර් 22 දින සිට නාවික හමුදාව විසින් අනුයුක්ත කෙරුණු අතර, එම සහන කණ්ඩායම් ආපදා සහන මෙහෙයුම් අද දිනයේදීත් (2025 නොවැම්බර් 28) අඛණ්ඩව සිදුකරමින් සිටියි.
28 Nov 2025
නාවික හමුදාව මඟින් ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම්
අයහපත් කාළගුණික තත්වය හමුවේ දකුණු පළාතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම සහ නාගොඩ ප්‍රදේශයන්හි ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව මඟින් ආපදා සහන කණ්ඩායම් 2025 නොවැම්බර් මස 22 වන දින සිට අනුයුක්ත කෙරුණු අතර, එම සහන කණ්ඩායම් ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත් පුද්ගලයන් ආරක්ෂිතව මුදාගැනීම සහ ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් කුඩා යාත්‍රා මඟින් ආපදා සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටියි.
26 Nov 2025
ආපදාවට පත් කෙෂාන් පුතා 1 බහු දින ධීවර යාත්‍රාවේ ධීවරයින් 04ක් සිඳුරළ නෞකාවෙන් හම්බන්තොට වරාය වෙත රැගෙන එයි
හම්බන්තොට සිට නාවික සැතපුම් 354ක් පමණ (කිමි 655ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී, ආපදාවට පත් කෙෂාන් පුතා 1 බහු දින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සිව් දෙනෙකු (04), කොළඹ සමුද්‍රිය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් බේරාගැනීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව මඟින් හම්බන්තොට වරාය වෙත අද උදෑසන (2025 ඔක්තෝබර් 31) රැගෙන විත්, වැඩිදුර ප්‍රථිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත ඇතුළත් කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
31 Oct 2025
ආපදාවට පත් කෙෂාන් පුතා 1 බහු දින ධීවර යාත්‍රාවේ ධීවරයින් මුදා ගැනීමේ මෙහෙයුමට සිඳුරළ නෞකාව පිටත් වෙයි
ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, හම්බන්තොට සිට නාවික සැතපුම් 354ක් පමණ (කිමි 655ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී, අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පෙරලී ආපදාවට පත්ව ඇති කෙෂාන් පුතා 1 බහු දින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සිව් දෙනෙකු (04), කොළඹ සමුද්‍රිය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් බේරාගැනීමට සමත් වූ අතර, ආපදාතත්වයට පත් මෙම ධීවරයින් පිරිස මුදා ගැනීමේ වැඩිදුර මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව එම මුහුදු ප්‍රදේශය වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කෙරිණි.
30 Oct 2025
නැගෙනහිර මුහුදේ දී අසාධ්‍ය තත්වයට පත් MV IYO නෞකාවේ කාර්යය මණ්ඩල සාමාජිකයෙකු ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ත්‍රිකුණාමලය ප්‍රදේශයට ඔබ්බෙන්වූ නැගෙනහිර මුහුදේ යාත්‍රාකරමින් තිබූ MV IYO නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ, අසාධ්‍යව සිටි කාර්යය මණ්ඩල සාමාජිකයෙකු, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෙන් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත්, ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත යොමු කිරීමට 2025 ඔක්තෝබර් මස 26 වැනි දින කටයුතු කෙරිණි.
27 Oct 2025
නාවික හමුදාව සිදුකළ සාර්ථක මෙහෙයුමකින් ප්‍රධාන යන්ත්‍ර අක්‍රියව දකුණු මුහුදේ ආපදාවට පත් MV INTEGRITY STAR වෙළඳ නෞකාවේ කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව මුදා ගනියි
ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, නාවික සැතපුම් 100 ක පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී, ප්‍රධාන යන්ත්‍ර අක්‍රීයවී ආපදාවට පත්ව, ජීවිත අවදානමට ලක්ව සිටි, MV INTEGRITY STAR වෙළද නෞකාවේ කාර්ය මණ්ඩලය, නාවික හමුදාව සිදුකළ සාර්ථක සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුමකින් නිරුපද්‍රිතව මුදාගැනීමෙන් අනතුරුව අද ( 2025 ඔක්තෝබර් 26) උදෑසන හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි.
26 Oct 2025
කාර්මික දෝෂයක් හෙතුවෙන් ආපදාවට පත්ව යාපනය අනලතිව් දුපත දෙසට පාවී පැමිණි ඉන්දීය ධිවර යාත්‍රාවක සිටි ධිවරයින් 03ක් නාවික හමුදාව නිරුපද්‍රිතව මුදාගනියි
කාර්මික දෝෂයක් හේතුවෙන් ක්‍රියාවිරහිත වී ආපදාවට පත්ව, යාපනය අනලතිව් දුපත අසලදී ඉන්දීය ධිවර යාත්‍රාවක සිටි ධිවරයින් තිදෙනෙකු (03) ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකල සාර්ථක සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුමක් මඟින්, නිරුපද්‍රිතව මුදාගැනීමට 2025 ඔක්තෝබර් මස 16 දින කටයුතු කෙරිණි.
22 Oct 2025
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වු ගැඹුරු මුහුදේදී පාදයක් ආබාදයට ලක්ව අසාධ්‍ය තත්වයේ සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය
ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, ගාල්ලේ සිට නාවික සැතපුම් 183ක් (කිමී 338ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදේදී පාදයක් ආබාදයකට ලක්ව අසාධ්‍ය තත්වයට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් අද (2025 සැප්තැම්බර් 18) අළුයම් කාලයේ කටයුතු කෙරිණි.
18 Sep 2025
ත්‍රීකුණාමලය, වෙරුගල්ආරු ගඟේ ගිලෙමින් සිටි දරුවෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව බේරා ගනියි
ත්‍රීකුණාමලය, වෙරුගල් ප්‍රදේශයේ මුරුගන් හින්දු දේවස්ථානයේ පැවති වාර්ෂික දේව මංගල්‍යයට සහභාගිවන බැතිමතුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන්, වෙරුගල්ආරු ගඟේ ජිවිතාරක්‍ෂක රාජකාරි සඳහා යොදවා සිටි නාවික හමුදා ජීවිතාරක්‍ෂක කණ්ඩායමක් විසින්, එම ගංගාවේ ගිලෙමින් සිටි දරුවෙකු (01) නිරුපද්‍රිතව බේරා ගැනීමට 2025 සැප්තැම්බර් මස 05 වැනි දින කටයුතු කෙරිණි.
06 Sep 2025


