නාවික හමුදාව ගැඹුරු මුහුදේදී අත් අඩංගුවට ගත් හෙරෝයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරායට රැගෙන එයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව යොදවා ශ්‍රී ලංකාවේ සිට මුහුදු සැතපුම් 548 (දල වශයෙන් කි.මී 985 පමණ) දුරකින් වු ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ යාත්‍රාව අද (2020 අප්‍රේල් 15) උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එන ලදි.
15 Apr 2020



