නිරෝධායනය අවසන් කල පුද්ගලයින් 118ක් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පිටව යයි.
සාම්පූර් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 98 ක් සහ ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 20 ක් වශයෙන් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනය සඳහා යොමු කර සිටි පුද්ගලයින් 118 දෙනෙකු අද (2020 මැයි 08) එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.
08 May 2020
ලොව්තුරා බුදුපියාණන්වහන්සේගේ උතුම් තෙමඟුල සිහිකර සියළු ලෝවැසියන්ට සෙත් පතා නාවික හමුදා කඳවුරු පරිශ්‍රයන්හි ආගමික වතාවත් සිදු කෙරේ.
අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උපත, සම්බුද්ධත්වය සහ පරිණිර්වානය සිදුවූ වෙසක් පුර පසලොස්වක පොහොය දිනය නිමිති කරගෙන සියළුම නාවික හමුදා කඳවුරු පරිශ්‍රයන්හි ආගමික වතාවත් පැවැත්වීමට කටයුතු කරන ලදි. ලොව පුරා වසංගත තත්වයක් ලෙස පැතිරීයන කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් වල ප්‍රතිකාර ලබන නාවික හමුදා සමාජිකයින් මෙන්ම සියළු ශ්‍රීලාංකිකයින් ඇතුළු සමස්ථ ලෝවාසී ජනතාව වෙනුවෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමද මෙහිදී සිදු කරන ලදි.
08 May 2020



