ලෝක වනාන්තර දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි
2021 මාර්තු මස 21 වන දිනට යෙදුනු ලෝක වනාන්තර දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිනියගේ සංකල්පයකට අනුව නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් සියලුම නාවික විධානයන් ආවරණය වන පරිදි රුක් රෝපණ වැඩසටහනක් සංවිධානය කරන ලද අතර, බටහිර නාවික විධානයේ පැවති එහි ප්‍රධාන වැඩසටහන සේවා වනිතා ඒකකයේ ගරු සභාපති තුමියගේ ආරාධනයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් 2021 මාර්තු මස 21 වන දින වැලිසර, ශ්‍රීලංනානෞ ගැමුණු ආයතන පරිශ්‍රයේදී සිදු කෙරිණි.
22 Mar 2021



