72 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොටහේන, ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී දේව මෙහෙයක්
2022 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාලාවේ නාවික හමුදා ක්රිස්තියානි සංගමයේ මූලිකත්වයෙන් පවත්වනු ලැබූ ඒකාබද්ධ ක්රිස්තියානි දේව මෙහෙය 2022 නොවැම්බර් මස 18 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සහභාගීත්වයෙන් කොටහේන, ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී පැවැත්විණි.
19 Nov 2022



