නැගෙනහිර නාවික විධානය විසින් සේරුනුවර පූනාඩි, මුලතිව් කොක්කුතුඩුවායි සහ ත්‍රිකුණාමලය බෝල්ඩර්පොයින්ට් යන මුහුදු ප්‍රදේශයන්හි පසුගිය දෙසතිය තුළ සිදු කල විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 27 ක් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගන්නා ලදි.

">

නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 27 දෙනෙකු නාවික හමුදා භාරයට

නැගෙනහිර නාවික විධානය විසින් සේරුනුවර පූනාඩි, මුලතිව් කොක්කුතුඩුවායි සහ ත්‍රිකුණාමලය බෝල්ඩර්පොයින්ට් යන මුහුදු ප්‍රදේශයන්හි පසුගිය දෙසතිය තුළ සිදු කල විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 27 ක් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගන්නා ලදි.

නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් සාගරික පරිසර පද්ධතියට හා එහි ජෛව විවිධත්වයට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබන අතර, නැගෙනහිර නාවික විධානය විසින් සේරුනුවර පූනාඩි, මුලතිව් කොක්කුතුඩුවායි සහ ත්‍රිකුණාමලය බෝල්ඩර්පොයින්ට් මුහුදු පුදේශයන්හි සිදු කල මෙම විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධී ධීවර දැල් භාවිතා කරමින් ධීවර කර්මාන්තයේ යෙදී සිටි වලෙයිතෝට්ටම්, පූනාඩි, කෝකිලායි, මීගමුව, වවුනියාව සහ පොඩුවකට්ටු යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් 27 දෙනෙකු, ඩිංගි යාත්‍රා 05 ක් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගන්නා ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් සහ ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය හා මුලතිවු සහකාර ධීවර අධ්‍යක්‍ෂකවරුන් වෙත සහ කුච්චවේලී ධීවර පරීක්‍ෂක වෙත භාරදීමට නාවික හමුදාව විසින් කටයුතු කරන ලදි.