නාවික හමුදාව විසින් බෙන්තර ග‍ඟෙහි අවිත්තාව පාලමේ සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කර, ජලය ගලා බැසීමට තිබූ අවහිරතා ඉවත් කිරීමට පසුගිය සතිය තුල කටයුතු කෙරිණි.

">

අවිත්තාව පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය නාවික හමුදා දායකත්වයෙන් ඉවත් කෙරේ

නාවික හමුදාව විසින් බෙන්තර ග‍ඟෙහි අවිත්තාව පාලමේ සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කර, ජලය ගලා බැසීමට තිබූ අවහිරතා ඉවත් කිරීමට පසුගිය සතිය තුල කටයුතු කෙරිණි.

ගතවූ සතිය තුල පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් බෙන්තර ‍ග‍ඟෙහි සැඩ ජල පහරට හසුව ගසාගෙන එනු ලබන විශාල උණ පඳුරු, දැව කඳන් සහ අපද්‍රව්‍ය අවිත්තාව පාලම අසල විශාල වශයෙන් සිරවීම හේතුවෙන් ජලය ක්‍රමවත්ව බැසයාම අවහිරවී තිබූ අතර, දකුණු නාවික විධානයේ නාවික කණ්ඩායමක් යොදවා පාලම තුල සිරවී තිබූ එම උණ පඳුරු, දැව කඳන් සහ අපද්‍රව්‍ය මහත් පරිශ්‍රමයක් යොදා ඉවත් කර, ජලය ක්‍රමවත්ව බැස යාමට හැකි වන පරිදි සකස් කිරීමට නාවික හමුදාව පියවර ගන්නා ලදි.