ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයට උතුරු දෙසින් වූ මුහුදු තීරයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 183 කට අධික තවත් කේරළ ගංජා තොගයක් අද (2021 මැයි 03) දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

">

රුපියල් මිලියන 55 කට අධික වටිකානමින් යුත් තවත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයට උතුරු දෙසින් වූ මුහුදු තීරයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 183 කට අධික තවත් කේරළ ගංජා තොගයක් අද (2021 මැයි 03) දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

පවතින කොවිඩ් 19 අවධානම් තත්වය හමුවේ සංක්‍රමණිකයින් මුහුදු මාර්ගයෙන් මෙරටට ඇතුළු වීම වැළැක්වීම සඳහා සහ නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව උතුරු මුහුදු තීරයේ මුර සංචාර වැඩි කර විශේෂ මෙහෙයුම් සිදු කරනු ලබයි. මෙසේ සිදු කරනු ලබන අඛණ්ඩ මුර සංචාර සහ මෙහෙයුම් හේතුවෙන් ජාවාරම් කරුවන් විසින් මෙරටට ගෙන ඒමට උත්සාහ කර යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයට උතුරු දෙසින් වූ මුහුදු තීරයේ ගොඩබිම සිට නාවික සැතපුම් 08 ක පමණ දුරකදී මුහුදේ අතහැර දමා ගොස් තිබූ මලු 04ක පාර්සල් 58ක් වශයෙන් අසුරන ලද කේරළ ගංජා කිලෝග්‍රෑම් 183.9 ක පමණ තොගයක් සොයා ගන්නා ලදී.

මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගන්නා ලද කේරළ ගංජා ‍තොගයේ වීථී වටිනාකම රුපියල් මිලියන 55කට අධික වන බවට විශ්වාස කරන අතර, කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සියළු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් සිදු කළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය අද දින ගිනි තබා විනාශ කිරීමට කටයුතු කෙරිණි.