කේරළ ගංජා සමඟ සැකකරුවෙක් යාපනයේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව 2022 ජනවාරි 27 දින මධ්‍යම රාත්‍රියේ යාපනය, තික්කම් ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 6 යි ග්‍රෑම් 141ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවෙක් (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා, නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය සහ පේදුරුතුඩුව පොලිසිය එක්ව යාපනය, තික්කම් ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු නිවසක් පරික්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, එම නිවස තුල පාර්සල් 3ක් වශයෙන් අසුරා සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 6යි ග්‍රෑම් 141ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවෙක් (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදුකළ මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44ක් වන යාපනය, තික්කම් ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගත් අතර, මෙම සැකකරු සහ කේරළ ගංජා ඉදිරි නීතිමය කටයුතු සඳහා පේදුරුතුඩුව පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.