තවත් කේරළ ගංජා තොගයක් නොරොච්චෝලේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව නොරොච්චෝලේ, මාම්පූරි වෙරළ තීරයේ අද උදෑසන (2022 මාර්තු 22) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නාවික මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුවන් විසින් අතහැර දමායන ලද කේරළ ගංජා කිලෝ 41 ග්‍රෑම් 540ක පමණ ප්‍රමාණයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ විජය ආයතනයේ නොරොච්චෝලේ විශේෂ යාත්‍රා බලඝණ අනුඛණ්ඩය මඟින් මාම්පූරි වෙරළ තීරයේ අද උදෑසන (2022 මාර්තු 22) සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුවන් විසින් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව වෙරළ තීරයේ අතහැර දමා යන ලද මලු 13ක අසුරන ලද කේරල ගංජා කිලෝ 41 ග්‍රෑම් 540ක පමණ ප්‍රමාණයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලදී.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 12කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා නොරොච්චෝලේ පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.