අම්පාර, කළුගල්ඔය වැවෙහි සොරොව්වක් අළුත්වැඩියා කිරීම සඳහා නාවික හමුදා දායකත්වය

අම්පාර, කළුගල්ඔය වැවෙහි අක්‍රීය තත්වයේ තිබූ සොරොව්වක් අළුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීමට නාවික හමුදාව 2022 ඔක්තෝබර් මස 20 වන දින කටයුතු කෙරිණි.

අම්පාර, කළුගල්ඔය වැවෙහි ඇති සොරොව් දෙකෙන් එක් සොරොව්වක ඇතිවු දෝෂයක් හේතුවෙන් එය අක්‍රීය වී ඇති බැවින් එම සොරොව්ව අළුත්වැඩියා කර දෙන ලෙස අම්පාර වාරිමාර්ග දෙපාර්තමේන්තු කාර්යාලයේ ප්‍රධාන ඉංජිනේරු විසින් නාවික හමුදාව වෙතින් ඉල්ලීමක් සිදු කරන ලදි.

ඒ අනුව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ මඟපෙන්වීම යටතේ ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ ගේ උපදෙස් මත 2022 ඔක්තෝබර් මස 20 වන දින විධාන කිමිදුම් අංශයට අයත් කිමිදුම් කණ්ඩායමකගේ දායකත්වයෙන් කළුගල්ඔය වැවේ දෝෂයට ලක්ව ඇති සොරොව්ව මහත් පරිශ්‍රමයකින් පසු පිලිසකර කර යථාතත්වයට පත් කිරීමට කටයුතු කෙරිණි.