විදේශීය දුම්වැටි 2000 ක් සමඟ සැකකරුවෙක් ජා ඇළ දී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව ජාඇල ප්‍රදේශයේ 2023 මාර්තු මස 17 වන දින සවස් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා විදේශීය දුම්වැටි 2000 ක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත නිරන්තර දායකත්වය ලබා දෙනු ලබයි. ඒ අනුව, නාවික හමුදාවට ලද තොරතුරකට අනුව, බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනය සහ ජා ඇළ පොලීසිය එක්ව 2023 මාර්තු මස 17 වන දින ජාඇල ප්‍රදේශයේ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලදි. එහිදී, ජාඇල ඒකල මාර්ගයේ ගමන් කල සැකකටයුතු පුද්ගලයෙකු පරික්ෂා කිරීමේදී, ඔහු සන්තකයේ තිබී නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි විදේශීය දුම්වැටි 2000 ක් සමඟ එම සැකකරු මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 21 ක් වන රාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගන්නා ලද අතර, අත්අඩංගුවට ගත් සැකකරු (01) සහ විදේශීය දුම්වැටි 2000 ක තොගය ඉදිරි නිතීමය කටයුතු සඳහා ජාඇළ පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.