කේරළ ගංජා සමඟ සැකකරුවෙක් කිලිනොච්චියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, කිලිනොච්චිය ප්‍රදේශයේදී 2023 මැයි මස 11 වන දින සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 01 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) සහ යතුරු පැදියක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගතකිරීම වෙත්තලකේනි ආයතනයේ නාවිකයින් සහ කිලිනොච්චිය පොලීසියේ නිලධාරීන් එක්ව කිලිනොච්චි ප්‍රදේශයේ සිදුකල මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු යතුරුපැදියක් පරික්ෂාවට ලක් කරන ලදි. එහිදි එම යතුරුපැදියෙහි අලෙවි කිරීම සඳහා රැගෙන යමින් තිබූ පාර්සලයක (01) අසුරන ලද, කේරළ ගංජා කිලෝ 01 ග්‍රෑම් 670 ක පමණ ප්‍රමාණයක් සමඟ එම සැකකරු සහ යතුරුපැදිය මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් 550,000.00 පමණ වෙතැයි විශ්වාස කෙරේ.

තවද, කේරළ ගංජා සමඟ අත්අඩංගුවට ගත් වයස අවුරුදු 35 ක් වන සැකකරු (01) මුල්ලියාන් ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගත් අතර, එම සැකකරු (01), කේරළ ගංජා සහ යතුරු පැදිය (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චිය පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.