තහනම් මත්පෙති 300 ක් සමඟ සැකකරුවෙකු වව්නියාවේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්ව 2023 ජුනි මස 11 වන දින වව්නියාව, කෝවිල්කුලම් මංසන්දිය අසලදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරිම සඳහා රැගෙන යමින් තිබූ Pregabalin වර්ගයේ මත්පෙති තුන් සියයක් (300) සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකරදීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනය, මඩුකන්ද පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්ව සිදුකල මෙම විශේෂ මෙහෙයුමේදී, වව්නියාව කෝවිල්කුලම් මංසන්දිය අසලදී සැකකටයුතු පුද්ගලයෙකු නීරීක්ෂණය කර පරික්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, එම පුද්ගලයා විසින් අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි Pregabalin වර්ගයේ මත්පෙති තුන් සියයක් (300) සමඟ එම පුද්ගලයා (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41 ක් වන වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු (01) සහ Pregabalin වර්ගයේ මත්පෙති තුන් සියය (300) වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා වව්නියාව පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.