මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදි සිටි ඉන්දීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 09 ක් යාපනය ඩෙල්ෆ්ට් දූපත අසල මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 ජුනි මස 20 වන දින උදෑසන යාපනය, ඩෙල්ෆ්ට් දූපතේ උරිමුණායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් නව දෙනෙකු (09) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනය මඟින් 2023 ජුනි මස 20 වන දින උදෑසන ඩෙල්ෆ්ට් දූපතේ දකුණු කොටසේ උරිමුණායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ කුඩා යාත්‍රා යොදවා විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලදි. එහිදී එම මුහුදු ප්‍රදේශයේ තිබූ ඉන්දීය ධීවර යාත්‍රාවක් පරික්ෂාවට ලක් කර, එම ඉන්දීය ධීවර යාත්‍රා‍ව සමඟ එහි සිටි ඉන්දීය ධීවරයින් නව දෙනෙකු (09) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම ඉන්දීය ධීවර යාත්‍රාව ඩෙල්ෆ්ට් දූපත අසල මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටියදී එහි එන්ජින් කාමරය තුලට ජලය කාන්දුවිමෙන් ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එම මුහුදු ප්‍රදේශයේ රැඳී සිට ඇති බවට අනාවරණය වී ඇති අතර, නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවරයින් නව දෙනා (09) ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.