නීතිවිරෝධී ලෙස අලෙවි කිරීම සඳහා Pregabalin Capsules 150 mg වර්ගයේ ඖෂධ රැගෙන ගිය සැකකරුවෙකු වත්තලදී නීතීයේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කඳාන පොලිසිය හා එක්ව 2023 ජුලි මස 13 වන දින වත්තල, කෙරවලපිටිය බලාගාරය අසල සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීම සඳහා නීති විරෝධි ලෙස රැගෙන යමින් තිබූ Pregabalin Capsules 150 mg වර්ගයේ ඖෂධ පෙති තුන්සියයක (300) ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනය සහ කඳාන පොලිසිය එක්ව වත්තල කෙරවලපිටිය බලාගාරය අසල ප්‍රදේශයේ 2023 ජුලි මස 13 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු පුද්ගලයෙකු නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කරන ලදී. එහිදී එම පුද්ගලයා විසින් අලෙවි කිරීම සඳහා නීති විරෝධි ලෙස රැගෙන යමින් තිබූ Pregabalin Capsules 150 mg වර්ගයේ ඖෂධ පෙති තුන්සියයක (300) ප්‍රමාණයක් සමඟ එම සැකකරු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26 ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු (01) සහ Pregabalin Capsules 150 mg වර්ගයේ ඖෂධ පෙති තුන්සියයක (300) ප්‍රමාණය ඉදිරි නීතිමය කටයුතු සඳහා කඳාන පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.