නීතිවිරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සුදානම්කර තිබු ඖෂධ තොගයක් සමග සැකකරුවෙකු මැදවච්චියේදි නීතීයේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, අනුරාධපුර ආහාර සහ ඖෂධ පරීක්ෂක ඒකකය හා එක්ව 2023 අගෝස්තු මස 14 වන දින මැදවච්චිය, රෝහල ඉදිරිපිට සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ඖෂධ අලෙවි සැලක නීති විරෝධි ලෙස අලෙවි කිරීම සඳහා සුදානම්කර තිබූ Pregabalin Capsules 150 mg වර්ගයේ ඖෂධ පෙති එකොලොස්දහස් තුන්සිය හැත්තෑ හතක (11377) ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනය සහ අනුරාධපුර ආහාර සහ ඖෂධ පරීක්ෂක ඒකකය හා එක්ව මැදවච්චිය, රෝහල ඉදිරිපිට ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 14 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, සැකක‍ටයුතු ඖෂධ අලෙවි සැලක් පරික්ෂාවට ලක්කෙරිනි. එහිදී එම ඖෂධ අලෙවි සැල තුල නීති විරෝධි ලෙස අලෙවි කිරීම සඳහා සුදානම්කර තිබූ Pregabalin Capsules 150 mg වර්ගයේ ඖෂධ පෙති එකොලොස්දහස් තුන්සිය හැත්තෑ හතක (11377) ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) මෙලෙස නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40 ක් වන මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු (01) සහ Pregabalin Capsules 150 mg වර්ගයේ ඖෂධ පෙති එකොලොස්දහස් තුන්සිය හැත්තෑ හතක (11377) තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා අනුරාධපුර ආහාර සහ ඖෂධ පරීක්ෂක ඒකකය වෙත භාරදීමට කටයුතු කෙරිණි.