බීඩි කොළ කිලෝග්‍රෑම් 288 ක පමණ තොගයක් සමඟ සැකකරුවෙකු කල්පිටියේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව කල්පිටිය කීරිමුන්දලම වෙරළ ප්‍රදේශයේ 2023 ඔක්තෝබර් මස 24 වන දින උදෑසන කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් දෙසිය අසූ අටක (288) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය හා කල්පිටිය පොලිස් ස්ථානය එක්ව 2023 ඔක්තෝබර් මස 24 වන දින උදෑසන කාලයේ කල්පිටිය කීරිමුන්දලම වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකරන ලද විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ සැකසහිත නිවසක් පරික්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, එම නිවස තුල සඟවා තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන පාර්සල් නවයක (09) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් දෙසිය අසූ අටක (288) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවටගත් සැකකරු වයස අවුරුදු 48 ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගත් අතර, එම සැකකරු (01) සහ බීඩි කොළ කිලෝග්‍රෑම් දෙසිය අසූ අටක (288) පමණ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.