ජා ඇළ ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදාව සහන සලසයි

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය මත බස්නාහිර පළාතට ඇද හැලෙන අධික වැසි හමුවේ, ‘ජා ඇළ’ පිටාර ගැලීම හේතුවෙන් ජා ඇළ, බණ්ඩිගොඩ ප්‍රදේශයේ 2023 නොවැම්බර් මස 08 වන දින ඇතිවූ ජල ගැලීමෙන් පීඩාවට පත් එම ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීම නාවික හමුදා සහන කණ්ඩායම් මඟින් සිදු කෙරිණි.

ඒ අනුව, ජා ඇළ පිටාර ගැලීම හේතුවෙන් ජා ඇළ, බණ්ඩිගොඩ ප්‍රදේශයේ ඇතිවී ඇති ජල ගැලීම් තත්වය හමුවේ, එම ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය පිසූ ආහාර සැපයීම ඇතුළු එම ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් සහන සැලසීම නාවික හමුදා සහන කණ්ඩායම් මඟින් සිදු කෙරිණි.