වාණිජ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් ත්‍රිකුණාමලයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2023 නොවැම්බර් මස 23 වන දින ත්‍රිකුණාමලය, බස් නැවතුම්පොළ අසල ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස ‍වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු දහයක් (10) සහ විදුලි නොවන ඩෙටනේටර් පහළොවක් (15) රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙකු නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් සාගරික පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා සහ විජයබා ආයතනයන්, ත්‍රිකුණාමලය පොලීසිය හා එක්ව, 2023 නොවැම්බර් මස 23 වන දින ත්‍රිකුණාමලය බස් නැවතුම්පොළ අසල ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු පුද්ගලයෙකු පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී නීති විරෝධි ලෙස රැගෙන යාමට උත්සාහ කළ වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ දහයක් (10), විදුලි නොවන ඩෙටනේටර් පහළොවක් (15) සහ සේවා නූලක් (01) සමඟ එම සැකකරු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදු කිරීම සඳහා මෙම වාණිජ පුපුරණ ද්‍රව්‍ය තොගය රැගෙන යාමට උත්සාහ කළ බවට සැකකෙරෙන මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු, වයස අවුරුදු 31 ක් වන ‍පොදුවකට්ටූ, සෙන්තූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනා ගන්නා ලද අතර, අත්අඩංගුවට ගත් සැකකරු (01) සහ වාණිජ පුපුරණ ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.