උතුරු මැද පළාතේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදා සහන

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය පරාක්‍රමපුර ප්‍රදේශය වෙත 2023 දෙසැම්බර් මස 03 වන දින සිට නාවික හමුදා සහන කණ්ඩායම් අනුයුක්ත කිරීමට කටයුතු කර ඇති අතර, මේ වන විට එම සහන කණ්ඩායම් එම ප්‍රදේශයේ මහජනතාවට අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් සිදුකරමින් සිටියි.

ඒ අනුව, මා ඔය පිටාර ගැලීම හේතුවෙන් පදවිය පරාක්‍රමපුර ප්‍රදේශයේ ඇතිවී ඇති ජල ගැලීම් තත්වය හමුවේ, එම ප්‍රදේශයේ ජනතාවගේ දෛනික අවශ්‍යතාවයන් සිදුකර ගැනීම සඳහා ඩිංගි යාත්‍රා මඟින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම නාවික හමුදා සහන කණ්ඩායම් මඟින් සිදු කෙරිණි.

තවද, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරීමට අමතර සහන කණ්ඩායම් ද නාවික හමුදාව සූදානමින් තබා ඇත.