තලෙයිමන්නාරම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාවේ සහය

තලෙයිමන්නාරම, පියර්ගම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක 2024 පෙබරවාරි මස 12 වන දින ඇති වූ හදිසි ගින්නක් මැඩ පවත්වා එම ගින්න අවට ප්‍රදේශයට පැතිරීම වැළැක්වීමට නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායමක සහය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ඒ අනුව, 2024 පෙබරවාරි මස 12 වන දින දහවල් කාලයේ තලෙයිමන්නාරම, පියර්ගම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක ගින්නක් හට ගෙන ඇති බව නිරීක්ෂණය කල උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය, එම ආයතනයට අනුයුක්ත ජල බවුසර දෙකක් (02) සමඟ ගිනි නිවීමේ කණ්ඩායමක් එම ගින්න පාලනය කිරීම සඳහා මෙලෙස යොමු කෙරිණි.

එහිදී, නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායම, ප්‍රදේශයේ යුද හමුදා සාමාජිකයන් සහ ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව ඇතිවී තිබූ ගින්න මහත් පරිශ්‍රමයක් යොදා පාලනය කර අවට ප්‍රදේශයට පැතිරීම වැළැක්වීමට කටයුතු කෙරිණි.