නීති විරෝධී ලෙස රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 600 ක පමණ තොගයක් මීගමුව කලපුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව කලපු ප්‍රදේශයේ 2024 මාර්තු මස 25 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් හයසියයක (600) පමණ තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය මඟින් 2024 මාර්තු මස 25 වන දින මීගමුව කලපු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමේදී, එම කලපු ප්‍රදේශයේ නවතා තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී එම ඩිංගි යාත්‍රාවේ තිබී උර විසි දෙකක (22) අසුරන අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් හයසියයක (600) පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය සහ ඩිංගි යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගමුව සුරාබදු කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.