වාණිජ පුපුරණ ද්‍රව්‍ය ‍තොගයක් පුල්මුඩේ වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පුල්මුඩේ, ජින්නපුරම් වෙරළ ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 05 වන දින සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ ළඳු කෑලෑවක ගසක් ය‍ට සඟවා, පාර්සලයක බහාලා තිබූ වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු හයක් (06), සේවා නූලක් (01) සහ විදුලි නොවන ඩෙට‍නේටර් විස්සක (20) ‍තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් සාගරික පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා රන්වැලි ආයතනය මඟින් 2024 අප්‍රේල් මස 05 වන දින දිවා කාලයේදී පුල්මුඩේ, ජින්නපුරම් වෙරළ ප්‍රදේශයේ සිදුකළ මෙම සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ ප්‍රදේශයේ ළඳු කෑලෑවක ගසක් ය‍ට සඟවා, පාර්සලයක බහාලා තිබූ වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු හයක් (06), සේවා නූලක් (01) සහ විදුලි නොවන ඩෙට‍නේටර් විස්සක (20) ‍තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කර්මාන්තය සඳහා යොදා ගැනීමට මෙම වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය මෙලෙස ජින්නපුරම් වෙරළ ප්‍රදේශයේ සඟවා තබන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර, එම වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු, සේවා නූල සහ විදුලි නොවන ඩෙට‍නේටර් ඉදිරි නීතීමය කටයුතු සඳහා පුල්මුඩේ පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.