ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කල බුද්ධි මෙහෙයුමකට අනුව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 133 ක් පමණ (කිලෝමීටර් 246 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක 'සමුද්රාරක්ෂා' නෞකාව යොදවා සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, රුපියල් මිලියන 3798 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 179 ග්‍රෑම් 906 ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 83 ග්‍රෑම් 582 ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිත) රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) සහ එම මත්ද්‍රව්‍ය තොගය මුහුදේදී හුවමාරු කර ගැනීමට පැමිණි බවට සැකකෙරෙන මෙරට එක්දින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) 2024 අප්‍රේල් මස 12 වන දින අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් එම මත්ද්‍රව්‍ය තොගය පරික්ෂා කිරීම, 2024 අප්‍රේල් මස 13 වන දින ගාල්ල වරායේදී සිදු කෙරිණි.
වැඩිදුර කියවන්න >
14 Apr 2024