නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 12 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය රවුන්ඩ් අයිලන්ඩ් මුහුදු ප්‍රදේශයේ සහ කිලිනොච්චිය කදෙයිකාඩු මුහුදු ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 17 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල සහ නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දොළොස් දෙනෙකු (12) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2024 අප්‍රේල් මස 17 වන දින නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික තටාකාංගණය ආයතනය මඟින් රවුන්ඩ් අයිලන්ඩ් මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) නිරීක්ෂණය කර පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් එකොළොස් දෙනෙකු (11) සමඟ එම ඩිංගි යාත්‍රාව (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 21 ත් 54 ත් අතර වයසේ පසුවන කින්නියා සහ මුල්ලියාන් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇත. ත්‍රිකුණාමලය රවුන්ඩ් අයිලන්ඩ් මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් එකොළොස් දෙනා (11) ඉදිරි නීතීමය කටයුතු සඳහා කොඩ්බේ ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලද අතර, ඩිංගි යාත්‍රාව (01) සහ තහනම් ධීවර ආම්පන්න ඉදිරි නීතීමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.

තවද, කිලිනොච්චිය කදෙයිකාඩු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් සැකකරු (01), ඩිංගි යාත්‍රාව (01) සහ තහනම් ධීවර ආම්පන්න ඉදිරි නීතීමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.