නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි 3000 ක් සමඟ සැකකරුවෙක් කොළඹදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව කොළඹ වරාය නගර පිවිසුම අසල ප්‍රදේශයේ අද දින (2024 ජුලි 06) සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි තුන් දහසක (3000) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය, කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව අද දින (2024 ජුලි 06) කොළඹ වරාය නගර පිවිසුම අසල ප්‍රදේශයේ සිදුකල මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ සැකකටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයෙකු නිරීක්‍ෂණය කර පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී එම සැකකරු සතුව තිබී නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි තුන්දහසක (3000) පමණ තොගයක් සමඟ එම සැකකරු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43 ක් වන මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු (01) සහ විදේශීය දුම්වැටි තොගය ඉදිරි නිතීමය කටයුතු සඳහා කොටුව පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.