නීති විරෝධි ලෙස රැගෙන ආ වියලි කහ කිලෝ ග්‍රෑම් 477 ක පමණ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2024 ජුලි මස 11 වන දින කල්පිටිය පරාමුනේ දූපතේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 477 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය පරාමුනේ දූපතේ 2024 ජුලි මස 11 වන දින සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම දූපතේ සඟවා තිබූ නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන උර පහළොවක (15) අසුරන ලද වියලි කහ කිලෝග්‍රෑම් 477 ක පමණ තොගයක් මෙලෙස නාවික හමුදාව භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් වියලි කහ කිලෝග්‍රෑම් 477 ක පමණ තොගය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදාව භාරයේ සුරක්‍ෂිතව තබා ඇත.