වාණිජ පුපුරණ ද්‍රව්‍ය ‍තොගයක් මන්නාරම ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේ 2024 අගෝස්තු මස 05 වන දින සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ සඟවා තිබූ ජෙලට්නයිට් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු හැටක් (60), විදුලි නොවන ඩෙට‍නේටර් තිහක් (30), C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් තුන්සියය පනහක ප්‍රමාණයක් (350g) සමඟ එම පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කල බවට සැකකෙරෙන කැබ් රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් සාගරික පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින් 2024 අගෝස්තු මස 05 වන දින මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේ සිදුකළ මෙම සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ සඟවා තිබූ ජෙලට්නයිට් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු හැටක් (60), විදුලි නොවන ඩෙට‍නේටර් තිහක් (30), C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් තුන්සියය පනහක ප්‍රමාණයක් (350g) සමඟ එම පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කල බවට සැකකෙරෙන කැබ් රථයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කර්මාන්තය සඳහා යොදා ගැනීමට මෙම වාණිජ පුපුරණ ද්‍රව්‍ය මෙලෙස සවුත්බාර් ප්‍රදේශයේ සඟවා තබන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර, එම වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු, විදුලි නොවන ඩෙට‍නේටර්, C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය සහ කැබ් රථය ඉදිරි නීතීමය කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.