මත්පෙති තොගයක් සිලාවතුර පණ්ඩරවේළි හිදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය හා එක්ව, 2024 අගෝස්තු මස 17 වන දින සිලාවතුර, පණ්ඩරවේළි ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නිවසක් තුළ සඟවා තිබූ මත්පෙති (Pregabalin Capsules) තුන්සිය අසූවක (380) තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය, සිලාවතුර පොලිස් ස්ථානය හා එක්ව, 2024 අගෝස්තු මස 17 වන දින සිලාවතුර, පණ්ඩරවේළි ප්‍රදේශයේ සිදුකල මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු නිවසක් පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී එම නිවස තුළ සඟවා තිබූ මත්පෙති (Pregabalin Capsules) තුන්සිය අසූවක (380) තොගයක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් මත්පෙති තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා සිලාවතුර පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.